
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
"බිපන්,තව බීපන්, තව බීපන්, මැරෙන්න බීපන්" යැයි පවසමින් වැසිකිලි විසබීජ නාශක දියර බෝතලය අසල තබා 14 හැවිරිදි දැරියකට අමානුෂික ලෙස පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ බව නාරාහේන්පිට පොලිසිය කියයි.
ළමා සුබසාධන හා සංවර්ධන මධ්‍යස්ථානයක ප්‍රධාන පාලිකාවකගේ සහ සේවිකාවකගේ බැණවැදීම් සහ පහරදීම් ඉවසාගත නොහැකි වූ 14 හැවිරිදි දැරියක් වැසිකිලි පිරිසිදු කිරීමට ගන්නා විසබීජ නාශක දියරයක් පානය කිරීමෙන් රෝහල් ගතකර ඇත.
කුඩා දැරියක් විෂබීජ නාශක දියර පානය කිරීමෙන් නාරහේන්පිට ප්‍රදේශයේ පෞද්ගලික රෝහලක් වෙත ඇතුළත් කර ඇති බවට ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය නාරහෙන්පිට පොලිසිය වෙත ලබා දුන් දුරකථන පණිවුඩයක් අනුව ළමා සංවර්ධන මධ්‍යස්ථානය වෙත ගිය නාරාහේන්පිට පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය පරීක්ෂණ ආරම්භ කළ බව පොලිස් නිලධාරියෙක් පැවැසීය.
සිදුකළ විමර්ශනවලදී ඉකුත් 6 වෙනි දින දහවල් දැරියට එම ළමා නිවාසයේ ප්‍රධාන පාලිකාව සහ මුළුතැන් ගෙයි සේවිකාව බැණවදිමින් පහරදී ඇති අතර එහිදී දැරිය වැසිකිලි පිරිසිදු කිරීමට ගන්නා විෂබීජ නාශක දියරයක් පානය කර ඇතැයි පොලිසිය කියයි.
එහිදී පාලිකාව සහ මුලුතැන්ගෙයි සේවිකාව දැරියට " බිපන් තව බීපන් තව බීපන් මැරෙන්නම බීපන්" යැයි පවසමින් විෂබීජ නාශක දියර අඩංගු බෝතලය ඇය අසලම තබා තව තවත් පහර දී ඇති බව විමර්ශනවලදී හෙළිවී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයියෝ, මේ ගැහැණුන්ට දරු කැක්කුම කියලා දෙයක් නැද්ද?
ළමා නිවාසවල දරුවන්ට උපකාර කිරීමට යෑමෙන් දැනගත් දෙයක් තමයි ඒ දරුවන් අසාමාන්‍ය ලෙස සමාජයෙන් ඈත් කර ඇති වග. ඇතුළත ඇති හිංසනය එළියට යයි කියන බියෙන් එය කරනවා විය හැකිය. මීට වඩා ඒ දරුවන් ගැන සැළකිලිමත්ව ක්‍රියා කිරීමට බලය ඇත්තෝ අවධානය යොමු කරත්වා..!
මොවුන් මිනිස්සුද?
මෙහෙමත් කාලකණ්ණින්...!