(යොහාන් භාසුර)
ප්‍රමිතියෙන් තොර පොල්තෙල් වෙළෙදපොලට නිකුත් කළ බවට චෝදනා එල්ල වී ඇති ප්‍රධාන පොළේ පොල්තෙල් සමාගමට එරෙහිව ලබන අඟහරුවාදා (4 වැනිදා* මාලිගාකන්ද අධිකරණයේ නඩු පවරන්නේ යැයි සමූපකාර සේවා, අළෙවි සංවර්ධන සහ පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසයි.
අදාල සමාගමේ සන්නාමයෙන් වෙළෙදපොලේ ඇති පොල්තෙල් තොග ඉවත් කිරීමටත්, අදාල සමාගමේ නිෂ්පාදනය අත්හිටුවීමටත්, ඔවුන්ගේ ගබඩාවල ඇති පොල්තෙල් සීල් තැබීමටත්, පාරිභෝගික අධිකාරිය මේ වන විටත් කටයුතු කර ඇති බවත් පාරිභෝගික අධිකාරීයේ වර්තමාන පනතට අනුව එම පොල්තෙල් සම්බන්ධයෙන් ගතහැකි උපරිම පියවර මේ වන විට ගෙන ඇති බවත් අමාත්‍යවරයා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"පිළිකා කාරක අඩංගු විස පොල්තෙල් වෙළඳපලට නිකුත් කලේ නැහැ. ඒවා ගෙන්වපු අයගේම ගුදම් වල තියෙන්නේ" කියලා අමූලික මුසාවාදයක් දෙසා බාලා අවුරුද්දට අපිට විස කැව්වා නේද ඇමතිතුමෝ..? ඔය නඩුව අර සීනිවලටත් සම්බන්ධයි කියන විස පොල්තෙල් ගෙන්වපු මහපරිමාණයේ සමාගමේ අයිති කාරයාටත් වැටෙයිද..?
කෙලින්ම නඩු දාන්න මිසක් කොමිටි දාලා පරීක්ෂණ පවත්වලා නඩු දාන්න සිත් පහළ නොවේවා..!!!
ඔය නඩුවේත් තාක්ෂණික ගැටලු හිටියිද?
SLS තිබුණු පොල්තෙල් නිසා ගත්තා. එහෙම නම් SLS එක මේ පිළිබඳව පරීක්ෂා කළේ නැද්ද? මේ පොල්තෙල් හදන්නෙ දේශීය කොප්පරා වලින් කියලයි මම අහලා තියෙන්නේ. මේ දේශීය දේවල් වෙළඳපලෙන් අයින් කරලා ඒකාධිකාරයක් හදාගන්න කරන උත්සාහයක්ද? මෙවැනිම ආකාරයට පාරිභෝගික අධිකාරිය සහල් මෝලක් වටලා නාටකයක් කළා. අන්තිමට අද සහල් අධිකාරියක් ගොඩනැගිලා සහල් මෝල් කියන ගානට අපි හාල් ගන්නවා. නරකයි කියපු කොම්පැනියත් ආයිත් හාල් විකුණනවා.
දේශීය ව්‍යාපාර බිඳීමේ කුමන්ත්‍රණයක් තියෙන බව පැහැදිලි යි. කලින් සිද්ධියෙදි ව්‍යාපාරිකයන් ගේ නම කියන්න ඉදිරිපත්වුනේ නැහැ. මෙතනදී සිරස්තලයට ම නම කිවුවා. ඒවගේම කලින් සිද්ධිය ට නඩු නැහැ. මේකට විතරයි නඩු. ඇයි දෙවිදියක්?වැරද්ද කාටත් එකයි. රජයක් හැටියට හරි ප්‍රතිපත්තියක් තිබුණද ? විස පරික්ෂණ නිසි ආකාරයට හැම ආහාරමය ද්‍රව්‍ය කටම තියෙන්න ඕන.