(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
මාතර තල්පාවිල වැව ඉහළගොඩ ප්‍රදේශයේ නිවසකට පැමිණි ආගන්තුක යුවළක් එහි සිටි වියපත් කාන්තාවකට විෂ එන්නතක් විද ඝාතනය කර, ඇය සමග සිටි අනෙක් කාන්තාවට රසායනික ද්‍රව්‍යයක් පොවා ඔවුන්ගේ ගෙල බැඳි රන් මාල කොල්ල කා පලා ගොස් ඇති බව මාතර මූලස්ථාන පොලීසිය පවසයි.
සිද්ධියෙන් මියගොස් ඇත්තේ දෙයියන්දර පදිංචි එච්. බී. කරුණාවතී නැමැති 73 හැවිරිදි අටදරු මවකි.
ඇය දැනට වසර කිහිපයක සිට සිය බාල පුතුගේ නිවසේ නැවතී සිටින අතර එම නිවසේම ඇයගේ ලේලියගේ මවද පදිංචිවී සිට ඇත.
නිවස හිමි අඹු සැමි යුවල රැකියාවට ගොස් සිටි අතරතුර වයස්ගත මව්වරුන් දෙදෙනා මෙම සිද්ධියට මුහුණ පා තිබේ.
සිද්ධියෙන් පසු රෝහල්ගත කර සිටින කාන්තාව කළ ප්‍රකාශයට අනුව ආගන්තුක යුවළක් පැමිණ මෙම රන්මාල මංකොල්ල කා ඇති බව අනාවරණය වී ඇත.
ඝාතනයට ලක්වූ කාන්තාවගේ මහේස්ත්‍රාත් පරීක්ෂණය හා පශ්චාත් මරණ පරීක්ෂණය මාතර මහ රෝහලේ දී පැවැත්වීමට නියමිතය.
මාතර මූලස්ථාන පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රෝහලේ ඉන්න කාන්තාව වයසක කාන්තාව මරලා දැන් සුරංගනා කතාවක් ගොතල වගේ... නැත්තං විස එන්නත් කරලා මරන්න තරම් සූක්ෂම හොරු එන්නත් කටු දාලා යයිද නාට්‍යයක් වගේ...
ස්ථිරවම ඔවුන් කරලා කියලා ඔප්පුවුණු සැනින් මේ වගේ අයව එල්ලන්න ඕනෑ ප්‍රසිද්ධියේ. අරයට ඔන්න පටන් ගන්න හොඳ පොටක් මේක....
මෙහි සඳහන් විස්තර ඒ ආකාරයටම සිදුවී ඇත්නම් අපේ මිනිසුන් මොනතරම් කෘරයිද? මේ කාගේ හෝ ආදරණිය වයසක අම්මෙක්. පව් ඒ අම්මට නිවන් සුව අත්වේවා!!! ප්‍රතිකාර ලබන අම්මට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන්නෙමු..
අද දවසේ නොදන්නා කිසිම කෙනෙකුට නිවාස තුලට එන්නට ඉඩ දිය යුතු නැහැ.