IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


විශේෂඥ වෛද්‍යවරුන්ගේ හිඟයක්

(යොහාන් භාසුර)
රජයේ රෝහල්වලට මෙම වසර අවසන් වන විට විශේෂඥා වෛද්‍යවරු 750 ක ඌනතාවකට මුහුණදීමට සිදුවන බවත් එම රෝහල්වලට විශේෂඥා වෛද්‍යවරු 2,250 ක අවශ්‍යතාක් තිබුණ ද පසුගිය වසර අග වන විටත් විශේෂඥා වෛද්‍යවරුන් 300 ක අඩුවක් පැවැති බවත් සෞඛ්‍ය අමාත්‍යංශයේ වාර්ෂික ස්ථාන මාරු වාර්තාවෙන් හෙළිවෙයි.

මෙම වසරේ දෙසැම්බර් මස වයස 63 සම්පූර්ණ කළ විශේෂඥා වෛද්‍යවරු 55 ක් විශ්‍රාම යෑමට නියමිත බවත් වයස 60 න් විශ්‍රාම යෑමේ නීතිය වෛද්‍යවරුන් සම්බන්ධයෙන් ද ක්‍රියාත්මක වුවහොත් ලබන දෙසැම්බර් මස 31 වැනිදා විශේෂඥා වෛද්‍යවරු 250 ක් පමණ එකවර විශ්‍රාම යෑමේ අවදානමක් ඇති බවත් එම වාර්තා කියයි.  

 



අදහස් (3)

විශේෂඥ වෛද්‍යවරුන්ගේ හිඟයක්

de silva Sunday, 25 June 2023 01:45 PM

ලංකාව තුල පුද්ගලික විශ්ව විද්‍යාල ආරම්භ කරන්න පුද්ගලික අංශයට ඉඩ දුන්නා නම් මේ ප්‍රශ්න නැහැනේ ?දැන්වත් මේකට ඉඩ දෙන්න

:       0       2

prasanna Sunday, 25 June 2023 03:37 PM

සල්ලි කාරයෝ නම් එලිසබත් හොස්පිටල් යාවි සිංගප්පූරුවට .දුප්පතාට වලපල්ලට තමයි යන්න වෙන්නේ

:       0       0

මහසෙන් Sunday, 25 June 2023 04:03 PM

අවුරුදු 60 පිරිච්ච අය නම් අයින් කරන්න. ඒ අය කරන වැඩක් නැ. ලෙඩ්ඩුන්ට බැන බැන ප්‍රයිවට් හොස්පිටල් ප්‍රමොට් කරනවා. ප්‍රයිවට් චැනලින් එකට මිනිස්සු ගෙන්න ගන්න ඕන නිසා බොරුවට එල්ලිලා ඉන්නේ. මේ අය ඉන්නේ ප්‍රදානම රොහල්වල හොදම වාට්ටුවල. මේ අයව අඩුම ගානේ පහසුකම් අඩු කිමී 10ක් විතර ඇතින් තියෙන හොස්පිටල් එකකට දාලා බලන්න. එතකොට ඔය ලෙඩ්ඩු ගැන තියෙන අනුකම්පාව හිතා ගන්න පුලුවන්. ඉල්ලලා පැන්ශන් යාවි

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 514 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 263 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1060 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site