
(කේ බුද්ධික කුමාරසිරි)
පසුගිය වසර එකහාමාරක කාළය තුල විදේශගතව පුහුණුව ලැබ මෙරටට පැමිණි විශේෂඥ වෛද්‍යවරුන් 263 ක් අතුරින් නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරුන් 11 දෙනකු ඇතුලුව විශේෂඥ වෛද්‍යවරුන් 120 දෙනකු කිසිවකුට නොදන්වා විදේශගතව ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ තෘතීය සේවා පිළිබදව අධ්‍යක්ෂක විශේෂඥ වෛද්‍ය ප්‍රියන්ත අතපත්තු පවසයි.
නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරුන් 29 දෙනකු පහුගිය වසර එකහාමාරක කාළය විශේෂඥ පුහුණුව ලැබ මෙරටට පැමිණ ඇතැයිද ඒ අතුරින් 11 දෙනකු මෙලෙස කිසිවකුට නොදන්වා විදේශගතව ඇතැයි ද ඒ මහතා පවසයි
මෙවැනි විශේෂඥ වෛද්‍යවරයකු පුහුණු කිරීම සඳහා පූර්ණ ශිෂ්‍යත්ව ලාභියකුට රුපියල් මිලියන පහළොවක් පමණ මුදලක් ද අර්ධ ශිෂ්‍යත්ව ලාභියකු සඳහා රුපියල් මිලියන අටක පමණ මුදලක් වැය වන බවත් පහුගිය වසර එකාහාමාර තුල විශේෂඥ පුහුණුව සඳහා වෛද්‍යවරුන් 667 දෙනකු විදෙස් ගත කර ඇති බවද තවත් වෛද්‍යවරුන් 617 දෙනකු විදේශගතව විශේෂඥ වෛද්‍යවරුන් ලෙස පුහුණුව සදහා සූදානමින් සිටින බවද ඒ මහතා පවසයි.
2025 දෙසැම්බර් මස 18
387
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
226
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1019
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
විශේෂඥ වෛද්‍යවරු 120 ක් රටින් පැන යති
Nimal Sunday, 13 August 2023 08:27 PM
ඉන්න හිතෙන රටක් හදපු කට්ටියගෙන් අහන්න.
ravin Sunday, 13 August 2023 10:18 PM
වෛද්‍යවරු පිටරට ගිහිල්ලා ඉගෙන ගන්නේ කොමිස් කාරයින්ගේ තත්වය බලලා බෙහෙත් දීලා තම වෘත්තීය සුදුසුකම් උකස් කරන්න නොවේ. ලෙඩෙක් මියගිය විට ප්‍රතිකාර කරපු වෛද්‍ය වරයා වගකිව යුතුය. කාලකණ්ණි කොමිස් කාරයින්ට ඇති වගකීම..?
MO77 Sunday, 13 August 2023 10:48 PM
ශ්‍රී ලංකා රජය හැසිරෙන්නේ නිකන් බබා හුකුන්ලා වගේ. රජයකට නීති ගෙනඒම හා අලුතින් නීති පැනවීම් කළහැකියි. ශ්‍රී ලංකාවේ දුප්පත් ජනතාවගේ මුදලින් අධ්‍යාපනය ලබා වෛද්‍යවරයෙකු හෝ ඉංජිනේරු හෝ අනිකුත් වෘත්තිකයා රට හැර යාමේ දී ඔවුන්ට රජයෙන් පොලිස් වාර්තා ඇතුළු නොයෙකුත් ලියකියවිලි ලබාගත යුතුයි. මෙසේ විදේශගත වන අයවළුන්ට රජය මඟින් වියදම් කර ඇති මුදල වර්තමානයට ගළපා අයකර ගත යුතුයි. මේ සඳහා නීති සම්පාදනය කළ යුතුයි...
abaran Monday, 14 August 2023 02:09 AM
මේ ගොඩක් දෙනාගේ ගමනාත්ය වන ඕස්ට්‍රලියාව , එංගලන්තය වැනි රටවලදී මුලික වෛද්‍ය උපාධිය අපේ රටේ වගේ නොමිලේ ලබාදෙන්නේ නැහැ . ඊට විශාල මුදලක් ගෙවීමට සිදුවෙනවා . ඕස්ට්‍රලියවේදී විශේසඥ වෛදය වරයෙකු තම වැටුපෙන් 35.7% පමණ බදු මුදලක් රජයට ගෙවිය යුතුයි . මෙහිදී වගේ ප්‍රවාහන දීමනා හෝ අවම වශයෙන් නොමිලේ කාර් පාර්ක් එකක් වත් ලැබෙන්නේ නැහැ . අනික අපේ රටේ වගේ තමන්ගේ පෞද්ගලික චැනලින් වලට එන රෝගීන්ව රජයේ රෝහලේ වාට්ටුවල නවතාගෙන විශේෂ වාසි ලබන්න බැහැ . මෙන්න මේවත් අපේ රටේ සාමාන්‍ය ජනතාව දැනගන්න ඕනෑ . සෞඛ්‍ය සේවය විශේෂ සේවයක් ලෙස සලකා එහි සිටින සියලු සේවකයින්ට විශේෂ වැටුප් ක්‍රමයක් ලබාදීමට කාලය හරි . නමුත් වෛද්‍යවරුන්ට ඉහලින් කපුටෙකුටවත් පිහාබින්න දෙන්නේ නැහැ කියන අධි මානසිකත්වයෙන් මිදෙන්නත් ඒ අය දැනගත යුතුයි .
Shan Monday, 14 August 2023 07:55 AM
බහුතරයක් වෛද්‍යවරු ඉගෙන ගන්නේ ඔවුන්ගේ උත්සාහයෙන්,ඔවුන්ගේ වැටුපෙන්.වහල්ලු වාගේ ඔවුන්ගෙන් වැඩ ගන්න බෑ.වෛද්‍යවරුන්ට නිසි පහසුකම්,වරප්‍රසාද හා වැටුපක් දුන්නා නම්, රට ගිය වෛද්‍යවරුත් නැවත එයි.
චන්දන Monday, 14 August 2023 08:24 AM
රෝහල්වල වෛද්‍ය හිගය බරපලයි. MOH වල ඉන්න වෛදයවරුවත් මේවට දාල තත්ත්වය සමනය කරන්න.
Jay Monday, 14 August 2023 08:35 AM
පුළුවන් තරම් ඉක්මනින් රට හැර පිටරටවලට යන්න. මේ රට ඉගන ගත්ත මිනිස්සුන්ට සුදුසු නෑ.
JR Monday, 14 August 2023 12:08 PM
Agenda වෛද්‍යවරුන්ට රට එපා කරවා, විදේශගත වීමට සැලසීමෙන් දැඩි වෛද්‍ය හිඟයක් ඇති කිරීම... බෙහෙත් හිඟය සහ මාධ්‍ය මඟින් රජයේ රෝහල් කෙරෙහි ඇති ජනතා විශ්වාසය බිඳ දැමීම... එයට පිළියම් ලෙස පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ඇති කිරීමත්, සෞඛ්‍ය පෞද්ගලික කරණයත් කළ යුතු බව ජනතාවට ඒත්තු ගැන්වීම. ජනතාව ලවාම පෞද්ගලික වෛද්‍ය විද්‍යාල අවශ්‍ය බවට හඬක් නැංවීම. ජනතා හඬට කන් දී පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ඇති කිරීම. එවායින් අවම සුදුසු කමවත් නොමැති දේශපාලකයින්ගේ ඥාතීන්ට හා මුදල්වලට උපාධි දීම. රජයේ වෛද්‍ය විද්‍යාල බිඳ වැටීමට සැලසීම. වෛද්‍යවරුන් පත් කිරීම මුදලට සහ තමන්ගේ පන්තිය නතුකර ගැනීම. ගමෙන් එන දක්ෂ දරුවාට වෛද්‍ය අධ්‍යාපනය ලබා ගැනීමට අවකාශ නොදීම. වෛද්‍ය වෘත්තිය තමන්ගේ පන්තියේ බූදලයක් කොට ගැනීම සෞඛ්‍ය සේවාව පෞද්ගලිකරණය...