(යොහාන් භාසුර)
‘යුක්තිය’ පාතාලය සහ මත්ද්‍රව්‍ය මැඩලීමේ මෙහයෙුම යටතේ පසුගිය පැය 24 තුළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක සහ විශේෂ කාර්යංශයේ ලේඛනගත විශේෂ සැකකරු ලැයිස්තුවේ සිටි සැකකරුවන් තවත් 49 ක් අත්අඩංගුවට ගත් බවත් ඒ අනුව මෙම මෙහෙයුමේදී මේ වන විට විශේෂ සහකරුවන් 218 ක් අත්අඩංගුවට ගෙන ඇති බවත් මහජන ආරක්‍ෂක අමාත්‍යංශය පැවසීය.
මෙම සමස්ත මෙහෙයුමේදී අත්අඩංගුවට ගත් සැකකරුවන් 2,296 න් සැකකරුවන් 109 කට රැඳවුම් නියෝග ගෙන විමර්ශන කරන බවත් මෙම මෙහෙයුමේදී මේ වන විට හෙරොයින් කිලේ 1 යි ග්‍රෑම් 170 ක්, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 648 ක්, ගංජා කිලෝ 11 යි ග්‍රෑම් 600 ක්, මාවා නැමැති මත්ද්‍රව්‍ය කිලෝ 46 ක් යි ග්‍රෑම් 285 ක් සහ මත්පෙති 19,507 ක් ඇතුළු සෙසු මත්ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් අත්අඩංගුවට ගත් බව කියන මහජන ආරක්‍ෂක අමාත්‍යංශය ගංජා පැල එක්ලක්ෂ විසිහය දහකට වැඩි ප්‍රමාණයක් ද අත්අඩංගුවට ගත් බව ද වැඩි දුරටත් සඳහන් කළේය.
වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ සෘජු අධීක්‍ෂණයෙන් මෙය ක්‍රියාත්මක වේ.
2025 දෙසැම්බර් මස 04
795
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
587
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
464
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
විශේෂ සැකකරුවන් තවත් 49 ක් අල්ලයි
Ruwan Wednesday, 20 December 2023 09:59 AM
ඔක්කොම හොයා ගන්න පුලුවන් බන්ධුතුමාගේ යුක්තියට කතරගම දේවාලේ හිටපු මහකපුව කොහෙද කියල හොයා ගන්න බැරි එක තමයි හොඳම විහිළුව..
wedageWednesday, 20 December 2023 10:42 AM
මැදමුලන පැත්තේ බලන්න .ඉන්පසු අවට ප්‍රදේශය පරීක්ෂා කරන්න