(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න )

නියෝජ්‍ය කතානායක ධුරය සම්බන්ධයෙන්  සාකච්ඡා කිරීම සඳහා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ විශේෂ රැස්වීමක්  කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු  සංකීර්ණයේදී හෙට (4) පෙරවරුවේ පැවැත්වීමට නියමිතය.

මෙයට අමතරව පාර්ලිමේන්තුවේ  මේ සතියේ අනෙකුත් කටයුතු සම්බන්ධයෙන්ද මේ රැස්වීමේදී තීරණයක් ගැනෙනු ඇත.

මේ අතර නියෝජ්‍ය කතානායක රංජිත් සියඹලාපිටිය මහතා  එම තනතුරෙන් ඉල්ලා අස්වෙමින් පාර්ලිමේන්තුවේදී අද ප්‍රකාශයක් කිරීමට නියමිතය.

නියෝජ්‍ය කතානායක ධූරය සඳහා  සමගි ජන බලවේගයෙන්ද නියෝජිතයකු ඉදිරිපත් කෙරෙන බව එම පක්ෂය පවසයි.

නියෝජ්‍ය කතානායක ධුරය සඳහා එම  පක්ෂයෙන් ඉමිටියාස් බාකීර් මාකර්  මන්ත්‍රීවරයාගේ නම යෝජනාවී  ඇතැයි  දැනගන්නට ඇත.