
(කේ බුද්ධික කුමාරසිරි)
"පිරිසිදු ශ්‍රි ලංකා" නමින් විශේෂ ජනාධිපති කාර්ය සාධක බලකායක් ඉතා කෙටි කලකදී පිහිටුවීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හෝමාගම දී පැවසීය.
ඒ සදහා විදේශගත ශ්‍රි ලාංකිකයින් ගේ සහ මෙරට දානපතියන් ගේ ආධාර උපකාර සහිත අරමුදලක් පිහිටුවීමට අපේක්ෂා කරන බවද ඒ මහතා පැවසීය.
එම කාර්ය සාධක බලකාය හරහා සියලු ගංගා ඇළ දොළ මංමාවත් බස් රථ වැසිකිලි පද්ධති බස් රථ දුම්රිය වෙරළ ආදී සියලු දෑ පිරිසුදුව පවතින ආසියාවේ පිරිසිදුම රට බවට ශ්‍රී ලංකාව පත් කිරීමට කටයුතු කරන බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒක තමයි කරන්නම ඕනෑ දේ. රටක මිනිස්සුන්ගේ විනය මැන බලන්න පුළුවන් පළවෙනි සාධකය තමයි පිරිසිදුකම. ඒකට මුළු රටේම හැම මනුස්සයෙක්ම දායක කරගන්න ඕනෑ.
හදයි ඉතින් පිරිසිදු වෙනවා නම්... අපිත් කැමැතියි. ඒත් මට හිතෙන්නේ මේකත් සංදර්ශනයක් කියලා...
මම ඉන්නේ කටාර් රාජ්‍යයේ ගරු ජනාධිපතිතුමණි, මගේ ලොකුම සිහිනයක් මේක වසර ගණනාවක් තිස්සේ ඇළ දොළ, ගංගා ඇතුලු ලංකාවේ සියළුම පොදු ස්ථාන ආසියාවේ පමණක් නොව ලෝකයේ පිරිසිදුම හා සුන්දරම රටක් ලෙස මගේ රට මට දකින්න ආසයි. ඒ සඳහා අපි ඕනෑම අවස්ථාවක අපගේ සහයෝගයක් ලබා දීමට සුදානම්.
හොඳයි එහෙම පිරිසිදු වෙනවා නම් මුලින්ම බුලත් කාගෙන පාර පුරා කෙල ගහන බස් සේවකයෝ ටික හදන්න. ඒ මිනිස්සුන්ට දත් මැදලා, රැව්ල කපලා, පිළිවෙළකට ඇඳලා වැදගත් විදියට කතාකරන්න පුරුදු කරන්න. මේවා ලේසි නැහැ. මේ සියල්ලට පෙර ජීවන බර අඩුකරන්න. හාල් මිල පාලනයක් නැහැ. බිත්තර, පොල් ගිනි ගණන්. මේවා වියදම් නැතිව රජයට පාලනය කළහැකි දේවල්. ඕනෑ වෙන්නේ කෙලින් තීරණ සහ පිටකොන්දක්... රජයක් තියෙන්නේ මේවා පාලනය කරන්න. නීතිය මගින් ඊට බලයක් දීලා තියෙන්නේ. පිරිසිදු කරන එක පස්සේ කරගන්න බැරියෑ. කොච්චර දේවල් තියද ඊට පෙර කළ යුතු. මට නම් පේන්නේ ස්ටේජ් උඩ කිව් දේවල් ඩිලිවර් කරගන්න බෑ වගේ...
මේ ආකල්ප තුළින් ලබාග යුතු අවස්ථාවක්. බලකායක් කියන්නේ මේ සංදර්ශනයක්... විනයක් තුළින් සහ දඬුවම් දීම් තුළින් යා යුතු තැනක්...
ජෙප්පෝ නාන්නේ නෑ. ඇඳුම් හෝදන්නේ නෑ. විශ්ව විද්‍යාලෙකට ගියපු අය හොස්ටල් හිටපු අය ඒක දන්නවා. ඒවත් හදන්න.
ආගමික ස්ථානවල ලවුඩ්ස්පීකර් - බෆල් කරදර වලට පිළියම් යොදන්න. පොඩි ළමයින්ට පාඩම් වැඩ කරන්න බෑ. නිදහසේ ඉන්න නෑ... කන්දොස්කිරියාව නිසා...
හොඳම අදහසක්... අලුත් පරපුරට උගන්නන්න ටොයිලට් පේපර් පාවිච්චි කරන විදිහ...
ඒක හොඳයි.. හැබැයි ආපු මුදල් වියදම් කළ විදිහ ඉදිරිපත් කරන්න. අපි දන්නවා ඔයාලා සල්ලි එකතු කරලා බිම් මට්ටමේ අයට මාස්පතා පඩියක් දීපු විදිහ.
ඒ ගමන පළවෙනියා, දෙවෙනියා කොපි කරලා වගේ, දිනුවෙත් එහෙමද මන්දා...?
ඉතාම යහපත් වැඩක්. අරමුණ සාර්ථක වේවා...!
ඔක්කෝටම කලින් ඔබතුමා පිරිසිදු වෙන්න, ඊට පස්සේ ඔබතුමාගේ පක්ෂේ අයව පිරිසිදු කරන්න. ඔයාලා ඔක්කොම හද්ද හඩ්ඩෝ.
ඔහොම යන්න ජනාධිපතිතුමනි...!
ජේ වී පී එක බලයට ආවම විදේශ වල ඉන්න ශ්‍රී ලාංකික සියල්ලන්ම වැල නොකැඩී සල්ලි එවනව කිව්ව වගේ මතකයි. ඒව ගෙන්නන්න වෙන්න ඇති අරමුදල හදන්නේ.