
(අංජුල මහික වීරරත්න)
තම ආණ්ඩුවේ කුමන තරාතිරමක කෙනෙක් වුවත් වරදක් කර ඇත්නම් ක්‍රියා මාර්ග ගන්නා බව ජනාධිපති අනුර දිසානායක මහතා පැවසීය.
ජනතාව තැබූ විශ්වාසය කුමන ආකාරයකින් හෝ පලුදු වීමට අප ඉඩ තබන්නේ නැතැයි ද දිසානායක මහතා සඳහන් කළේය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේ අද (13) උදෑසන රජයේ මාධ්‍ය ප්‍රධානීන් සමඟ පැවැත් වූ හමුවේදීය.
එහිදී ජනාධිපතිවරයා මෙසේද පැවසීය.
"දශක හතකට වැඩි කාලයක් තිස්සේ මේ රටේ ජනතාව විවිධ ආණ්ඩු බිහි කළා. විවිධ ආණ්ඩු පෙරළුවා.
ඉතිහාසයේ පළමු වෙනි වතාවට මෙවර මේ රටේ ජනතාව අවස්ථා දෙකකදී අපට සහ ජාතික ජන බලවේගයට ලබා දුන් ඓතිහාසික ජන වරමේ අර්ථය සහ හරය කුමක්ද කියන එක සම්බන්ධව අපට පුළුල් කියවීමක් තියෙනවා.
ප්‍රමිතිගත සහ ස්ථාවර රටක් නිර්මාණය කරනු ඇතැයි යන විශ්වාසය ඇතිව මේ රටේ ජනතාව ජාතික ජන බලවේගයේ ආණ්ඩුව බිහි කළා.
ඒ සුවිශේෂී විශ්වාසයට අබමල් රේණුවකින් හෝ හානියක් වන්නට අපේ ආණ්ඩුව කිසි විටෙකත් ඉඩක් තබන්නේ නැහැ.
ඉතාම කෙටියෙන් කිවහොත් රට තුළ වැරදි කරන කිසිවෙකු, කිසිම හේතුවකට ආරක්ෂා කිරීමට අපේ ආණ්ඩුව සූදානම් නැහැ. රට තුළ පමණක් නෙවෙයි, අපේ ආණ්ඩුව තුළ කවර තරාතිරමක කෙනෙක් වුණත් වැරැද්දක් කරනවා නම් ඒ වැරැද්දට එරෙහිව ක්‍රියා මාර්ග ගන්න අපි පැකිළෙන්නේ නැහැ.
ඒ සම්බන්ධයෙන් ගත හැකි සියලු ක්‍රියා මාර්ග ගත යුතු නිවැරදිම මොහොතේ ගැනීමට අප දෙවරක් කල්පනා කරන්නේ නැහැ."
දශක 7ක් තිස්සේ රැවටීමට ලක් වූ ජනතාව අප කෙරෙහි තබා තිබෙන විශ්වාසය සුරක්ෂිත කිරීමට සහ මේ රට වඩා යහපත් රටක් කිරීමට තම රජය කොන්දේසි විරහිතව කැප වෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් පැවසීය.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් හර්ෂ බණ්ඩාර ඇතුළු රාජ්‍ය මාධ්‍ය ප්‍රධානීන්ගේ සහභාගීත්වයෙන් මෙම හමුව පැවැත්විණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කියන්නා කෙසේ කීවත් අසන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතුය හැබැයි සිරි ලංකාවේ ජනතාවට නැති දේ එයයි.
හරි හරි අපිට හරි විශ්වාසයයි. මේ දක්වා කියපු සේරම කලානෙ.
වචනවල තියෙන දේ ක්‍රියාවෙන් පෙන්නන්න අවස්ථාවක් ඇවිල්ල තියෙන්නෙ. නමුත් දැනටමත් පරක්කු වැඩී වගේ. රස්සාවට, පුරුද්දට බොරු කියපු හිටපු හොර නඩයේ බොරුකීමට වඩා, එන්පිපි එකේ කෙනෙක් බොරුකීම, බොරුකිරීම බරපතලයි. හේතුව තමා හැමෝම වෙනසක් බලාපොරොත්තුවීම. කතානායක මෙච්චර කාලයක් කරල තියෙන්නෙ බොරුවක් කියල හෙලිවෙන්න තියෙන ඉඩකඩ ඉතාමත් වැඩී. ඒ වගේම මේ ප්‍රශ්නෙ නිසා උනුත් එකයි, මුනුත් එකයි, ඉන්න උනුත් එකයි වෙන්න පුළුවන්. එහෙම උනොත් අපිට, අනාගත පරපුරට, රටට ...... ????
මේ රටේ පහුගිය අවුරුදු හැත්තෑවක් තිස්සෙ ආණ්ඩු හදන්න මේ කට්ටිය දායක වෙලා නැද්ද? මෙයාල කරනවා කියපු එක දෙයක් මේ දක්වා කලාද?
කටින් වැඩ කෝටියයි.
වරද බොරු කීම. දඬුවම? හැබැයි මීට කලින් බොරු නොකියපු අයෙක් තමයි හරි නම් දඬුවම් දිය යුත්තේ. එහෙම කරන්න සුදුසු අය ඔතන ඉන්නවද?
අපට ඔබතුමා විශ්වාසයි. මේ ඇඟිල්ල දික්කරන අය කලේ කොහොමද කියලා, ඔවුන් විශ්වාසය රැක්කේ කොහොමද කියලා මිනිස්සුන්ට අමතක වෙන්න තරම් ලොකුකාලයක් ගතවෙලා නැහැ. එහෙම කියලා මේ රජයේ කවුරුන් හෝ බොරුවක් කළොත් ඔහු ආරක්ෂා කළයුතු නැහැ. හැබැයි කාටත් කාලයක් දිය යුතුයි, ආප්ප බානවා වගේ තීරණ ගතයුතු නැහැ. ඔබතුමා රටේ ජනතාවගේ බලාපොරොත්තු කඩ නොකරන බවට සහ එයට වෙනත් ඕනෑම අයෙකුට වඩා අයිතියක් ඇති බවත් අපි විශ්වාස කරනවා.
ECSL Registration නැති කෙනෙක් ඉංජිනේරුවෙක් විදිහට පෙනී ඉන්න එක "Engineering Conciliation Act" එක අනුව ලංකාවේ වරදක්. එහෙම කෙනෙකුත් ඇමැති තනතුරු දරාගෙන ඉංජිනේරුවෙක් වශයෙන් පෙනී ඉන්නවා නම් ඒකත් වරදක්. ඒ වරද කරන්න එපා එහෙම කෙනෙක් ඉන්නවා නම්...
ඉතිහාසය පුරාම ඔබලා කලේ අනුන් විවේචනය සහ බැනීම. ඒ සියල්ල කළේ බලය වෙනුවෙන්. ඒ කිව්ව කිසිවක් අද වෙලා නෑ. හාල් ඇටයක් රටින් ගේන්න දෙන්නේ නෑ කිව් ඔබ මෙට්‍රික් ටොන් 70000ක් ගේන්න ඉඩදුන්නා. බිත්තරයක මිලක් පාලනය කරගන්න බැහැ. පොල් ගන්න පෝලිම්... සතොස දෙන්නේ හාල් කිලෝ 3යි. කෝ කියපු ටොන් ගණන් පොරොන්දු... ඉන්නවා කිව්ව ආචාර්ය උපාධි ගත්තු අයගේ උපාධි හැලීගෙන යනවා. විලිලැජ්ජයි. කතානායක බොරුවක් කළ බව දැන දැනත් රකිනවා. මේ සියල්ල කියන්නේ මාලිමාවේ බොරුව සහ නොහැකියාව...
මෙයාලාත් ගෝඨාභය ආණ්ඩුව වගේ වැඩ කරන්නේ නැතිව කිව්ව විදිහට කරන්න. ජනතාවට තවම කිසිම සහනයක් නෑ. රජයේ සේවකයින් අමාරුවේ නොදමා දේශපාලන හොරුන් අල්ලන්න.
වරද කළ නොහැකි පට්ටපල් බොරු වැපිරීම. රුපියල් 150 පෙට්‍රල්, බිත්තර, සහල්, වැටුප් වැඩිකිරීම, බදු අඩුකිරීම මේවා කෝ? මේවා ස්ටේජ් උඩ කිව්වාට ප්‍රායෝගිකව කළ නොහැකි බව අපි දන්නවා. ඒත් අපේ කරුමෙට 69 ලක්ශෙක මිනිස්සු ඒක නොදැන ඡන්දෙ දුන්නා. ඒ නිසා එය රජය විසින් කළ යුතුමයි. අලි මදිවට හරක් වගේ කතානායකගේ ආචාර්ය උපාධිය බොරුවක් බව පැහැදිලිව දැන දැනත් රජය නිහඬයි. අනිත් ආචාර්යවරුන්ගේ පට්ටම් ගැලවීගෙන යනවා.
ජය ජය ජය ජයවේවා මාලිමාවට, අපි ඔබ සමගයි...
වසර හැත්තෑ හයක් හොරුන්, දූෂිතයින් පාලනය කෙරුව රටකට අද අවංක නිර්භීත හා ජනහිතකාමී නායකයෙක් පත්වෙලා ඉන්නවා. හොරුන්ට දූෂිතයින්ට, අපරාධකරුවන්ට හා ඔවුන්ගේ අනුගාමිකයන්ට එක දරාගන්න බැරිවෙලා තියෙනවා...!
සිංහල බහුතරයක් මිනිස්සුන්ගේ වැඩබැරි වචන විතරයි. බැරි හොඳ වැඩ විතරයි. වංචාව, කුහකකම, ඊර්ෂ්‍යාව, වංකත්ව පළිගැනීම, බොරුව, රැවටීම ඇඟ සහ සිත පුරාම...
පේනවා නේද, අපේ උගත්, බුද්ධිමත්, සුදුසුකම් සහිත, නීත්‍යානුකූලව නීතිඥ විභාගය පාස්, උපාධිධාරී නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමා මේ ගැන තාම කටක් ඇරලා නෑ. පේනවා නේද? පිරුණු කලේ දිය නොසැලේ කියනවානේ. අන්න නියම බුද්ධිමත්තු...!
සැරටම දණගස්සවලා 10ක් වැඩි කරන්න වගේ යන්නේ... මතකනේ..
බොනිකර තරුව පායලා...!
අනුන්ගේ ඇහේ රොඩු පෙනෙන, තමන්ගේ අතේ පරාලයක් ඇනගෙන අයට තමයි වැඩියෙන්ම රුදාව හැදිලා තියෙන්නේ. හොර, බොරු, ව්‍යාජ උපාධි ප්‍රසිද්ධියේම ප්‍රදර්ශනය කිරීම ලාංකිකයින්ගේ ශිෂ්ඨාචාරයෙන් කොටසක්. බොහෝම විදේශිකයෝත් එහෙමයි. රංවල බොරුගසා ඇතිනම් ඔහුව ඉවත් කරන එක AKD ගේ යුතුකමක්.
ඔබ කියන දේ මම බරපතල ලෙස ගණන් ගන්නේ නැහැ. ඔබ සහ ඔබේ සමාගම කතා කිරීමට දක්ෂ වන අතර වෙන කිසිවක් නැත. ඔබ සහ ඔබේ ගෝලබාලයින් දුක්ඛිත බොරුකාරයින් සමූහයකි...
මට නම් හිතෙන්නේ කතානායකට, ගෙනාපු පැදුරයි, කොට්ටෙයි අරගෙන ආයිමත් ගෙදර යන්න කියන්න තමයි, ජනාධිපතිතුමා ලෑස්තිවන්නේ...
අනුර කුමාර ජනාධිපතිතුමා, එදා වගේම අදටත්, ඉදිරියටත් අපි ඔබ සමගයි. ඕනෑම දෙයක් කිරීමේ "ක්‍රමවේදයක්" තිබෙනවා, අපි අනිවාර්යයෙන්ම දන්නවා ඒ ක්‍රමවේදයන් ඔස්සේ ගොස් " වැරැදි කරුවන් " ට දඬුවම් දෙන බව. ජාතික ජනබලවේගයට ජයවේවා...!!!
බත් කන අහවල්ලු ඇවිස්සිලා! නිල මැස්සෝ ස්වරූපයකුත් පේනවා. හනුමන්තා දෙයියෝ, තව මොනවද පේන්නේ මල්ලි?
පච විදින මැෂින්වලටත් නීතිය ක්‍රියාත්මක විය යුතුයි.
බොරුකීම වරදක් නොවේ සහෝදරයා. කල්පනා කරලා බලන්න.
පච කීම කලාවක් නම් එහි පිකාසෝ ඔහුය...