(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව සමගි ජන බලවේගය විසින් ඉදිරිපත් කෙරුණු විශ්වාසභංග යෝජනාව පිළිබඳ අවසාන ඡන්ද විමසීම අද පස්වරු 5.30 ට පැවැත්වීමට නියමිතය .

මෙම විවාදය ඊයේ දවස පුරා පැවැත්වුණු අතර අද දවසේදීත් පැවැත්වේ .

පාර්ලිමේන්තුව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරු 10ට රැස්වීමට නියමිතය.