(අංජුල මහික වීරරත්න)
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වෙනුවට ස්ථාපිත කිරීමට යෝජිත ජාතික උසස් අධ්‍යාපන සංවර්ධන කොමිසම වෙනුවෙන් හිටපු අගවිනිසුරු කේ, ශ්‍රීපවන් මහතාගේ ප්‍රධානත්වයෙන් පත්කළ කමිටුවේ නිරීක්ෂණ ඇතුළත් වාර්තාව අද (26) දින අමාත්‍යාංශය වෙත ලබාදුන් බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාඝවන් මහතා පැවසීය
අදාළ වාර්තාව අධ්‍යයනය කිරීමෙන් අනතුරුව ජාතික උසස් අධ්‍යාපන සංවර්ධන කොමිසම පිහිටුවීම මෙම වසර ඇතුලත සිදුකිරීමට හැකි බව ද රාජ්‍ය අමාත්‍යාවරයා සඳහන් කළේය.
උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාඝවන් මහතා මේ බව කීවෙි 'ස්ථාවර රටකට සැවොම එක මඟකට' මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදීය.2ෙ021-2022 වර්ෂයන්ට අදාලව උසස් පෙළ සමත් වූ සිසුන් විශ්වවිද්‍යාල 17කට බඳවාගෙන තිබෙන නමුත් එම වර්ෂයන්ට අදාලව නියමිත පරිදි ශිෂ්‍ය බඳවා ගැනීම් සිදුකර නොමැති බවට විවිධ වාර්තා පළ වන බව කී රාජ්‍ය අමාත්‍යවරයා ඒ වාර්තා සියල්ල අසත්‍ය බව තහවුරු කිරීමට අදාළ ලිපි ලේඛන තිබෙන්නේ යැයිද පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකෙ ප්‍රශ්නය තියෙන්නේ වෘත්තීය අධ්‍යාපනයත්, විශ්ව විද්‍යාල අධ්‍යාපනයත් එක්ක එකට දාගන්න එකයි. කමිෂන් එක යටතේ 2ක් තිබ්බා නම් හොඳයි...
සම්පූර්ණයෙන්ම නොමිලේ උසස් අධ්‍යාපනය ලබාදීම තව දුරටත් අවශ්‍යද? ඒ මදිවාට ශිෂ්‍ය ප්‍රජාව මහපොල ශිෂ්‍ය ආධාර තම අයිතියක් ලෙස පවත්වාගෙන යාම බලාපොරොත්තු වෙනවා. එය අත්‍යාවශ්‍ය ටික දෙනෙකුට පමණක්ම සීමාකර අන් සියල්ලට ණය පදනමකින් ආධාර උපකාර වන ක්‍රමයක් හදන්න. නොමිලේ ඉගෙනගෙන රටහැර පැනලා යන හොරු රටට අවශ්‍ය නෑ. අනික තම දරුවන්ට අවශ්‍ය වියදම දෙමාපිය වගකීමක් මිස රාජ්‍ය හෝ මහජනතාව දැරිය යුතුද?