IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


විශ්ව ශක්තියක් පෙන්නා දැරියක දූෂණය කළ කපුවා රිමාන්ඩ්

(දිනේෂ් උපේන්ද්‍ර)

විශ්ව ශක්තියෙන් පෙන්නා වයස 12 දැරියකට ලිංගික අතරව කළැයි කියන විශ්මිත කපුවා මේ මස 20 දක්වා රක්‍ෂිත බන්ධානාගාර ගත කරන ලෙසට කුලියාපිටිය අතිරේක මහේස්ත්‍රාත් මිහිල් චිරන්තන සතරසිංහ මහතා  නියම කළේය.

එලෙසින් රක්‍ෂිත බන්ධනාගාර ගත වූයේ කුලියාපිටිය පල්ලේවෙල මන්සංධියේ විශ්මිත වෙදමැදුර නමින් ප්‍රතිකාර මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගිය රුෂාන් චින්තක විජේසූරිය නැමැති වයස අවුරුදු 37ක එක්දරු පියෙකි.

පැමිණිල්ල වෙනුවෙන් පෙනීසිටි නීතිඥ මහතා දීර්ඝව කරුණු දක්වමින් කියා සිටියේ මෙම දරුවාට දෑවසරක පමණ පටන් අවස්ථා ගණනාවකදී සැකකරු විසින් විවිධ ලිංගික ක්‍රියාකාරකම් සිදුකර ඇති බවයි. එමෙන්ම සැකකරුගේ ජංගම දුරකථනයේ එවැනි වයස්වල පසුවන කුඩා දැරියන්ගේ අසැබි දර්ශන පෙන්වා දැරියට බලපෑම් සිදුකර ඇති බවද පැවසූ පැමිණිල්ල  එසේ සැකකරු අතින් අගතියට පත් තවත් දියණියන් පිළිබඳව කරුණු අනාවරණය වූ බවයි.

එම දැරියන්ද සොයා ප්‍රකාශ සටහන් කරගැනීම වෙනුවෙන් මේ වනවිටත් විමර්ශන ආරම්භ කර ඇති බව පෙන්වා දෙමින් සැකකරුගේ ජංගම දුරකථනය පිළිබඳ පුළුල් පරීක්‍ෂණයක්ද සිදුකිරීමට අවශ්‍ය නියෝගද පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියහ.

සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන් එහිදී විශ්ව ශක්තියෙන් දහස් සංඛ්‍යාත රෝගීන් සුවපත් කරමින් දිවයිනේ නමක් දරා ඇති නිසා ප්‍රදේශවාසීන් ඊර්ෂ්‍යාවෙන් යුක්තව කටයුතු කරන බවත් මෙම චෝදනාව සැලසුම් කර නිර්මාණය කළ පැමිණිල්ලක් බවත් පැවසීය.

එමෙන්ම සිදුවීම වී මේ වනවිට වසර දෙකක් ඉක්මව ගොස් ඇති බවද පවසමින් නීතිඥයන් සැකකරුට ඇප ඉල්ලමින් කියාසිටියේ සාධාරණ කාලයක් පැමිණිල්ලක් හෝ සිදුකර නොමැති කමින් පැමිණිල්ල සාවධ්‍ය බව පැහැදිළි වන බවයි. එමෙන්ම සැකකරුගේ නීතිඥයන් පැවසූයේ සැකකරු වෙදකම් කිරීම සම්බන්ධයෙන් ගෞරව නාමයට පවා පාත්‍රවූ අයෙකු බවයි.

දීර්ඝව ඉදිරිපත්වූ සියලු කරුණු පිළිබඳව අවධානය යොමුකළ අතිරේක මහේස්ත්‍රාත් මිහිල් චිරන්තන මහතා ඇප ඉල්ලීම ප්‍රතික්‍ෂෙප කරමින් සැකකරු රක්‍ෂිත බන්ධනාගාර ගත කිරීමට නියම කළේය.

 



අදහස් (4)

විශ්ව ශක්තියක් පෙන්නා දැරියක දූෂණය කළ කපුවා රිමාන්ඩ්

පිටිගල මිලානෝ Friday, 16 September 2022 03:54 PM

ඕකට මගේ ළඟත් විස්මිත ප්‍රතිකර්මයක් තියෙනවා වෙදාගේ ලෙඩේ හොඳ කරන්න. ඒක තමයි "දිමි ගොටු" ප්‍රතිකර්මය. බලන් ඉද්දී සනීප වෙන්නේ... ලාච්චු වෙදකමත් මේ ලෙඩේට හොඳයි.

:       0       17

Raheem Friday, 16 September 2022 11:16 PM

දැන් රටේ විශ්ව කර්මයෝ එන්න එන්න වැඩි වෙනවා. මුන්ව මට්ටු වෙන විදියේ පොලිස් ශාන්තිකර්මක් කරන්න ඕනි.

:       0       2

කිරිපුතා Saturday, 17 September 2022 12:40 AM

නීතිය දන්නා අය මේ වගේ දුස්සීල මිනිසුන් බේරා ගැනීම වෙනුවෙන් තම වෘත්තිය යොදාගෙන ඒ මුදලින් බත් කනවට වඩා,.. සුදුසු කෑම වලවල්වල පිරිලා තිබේ.

:       0       0

චතුරි Saturday, 17 September 2022 06:30 AM

කපුවට. නිදහස දී මොහු වෙනුවෙන් කඩේ යන මුදලට කෑදරව නයට කහින. නිතියන්ඝ්ච වරුන්ව කුඩුවට දමන්න බර වැඩ සමග. මුන්.නිසා තමයි තිරිසන්නු වැඩි වෙන්නෙ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 217 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site