(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
මෑත වර්ෂ වල විදෙස් ගත වීමට සප්ත වාර්ෂික නිවාඩු ලබා ගත් විශ්ව විශ්වවිද්‍යාල ගුරුවරුන්ගෙන් සියයට අනූ නවයක් විදේශ වලට ගොස් නැතැයි ද ඒ අය ලංකාවේ ම ඉඳගෙන වෙනත් වැඩ කර තිබෙන බවද පොදුජන පෙරමුණේ නුවරඑළිය දිස්ත්‍රික් මන්ත්‍රී එස්.බී දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
2020-2023 අතර තොරතුරු සොයා බැලීමෙන් එම කරුණු හෙළිදරව් වූ බව කී එස්.බී දිසානායක මහතා අදාල වර්ෂ වල විදෙස් නිවාඩු ගත් අයගෙන් හත්දෙනකු හැර වෙනත් කිසිවකුත් විදෙස්ගත වී නැතැයිද කීය.
කොළඹ විශ්ව විද්‍යාලයෙන් 80ක් ,පේරාදෙණියෙන් 41ක්,ජයවර්ධන පුරයෙන් 35ක්,කැලණියෙන් 54ක්,විවෘත විශ්ව විශ්වවිද්‍යාලයෙන් 17ක්,රුහුණු විශ්ව විද්‍යාලයෙන් 81ක් ආදී වශයෙන් විශ්ව විද්‍යාල ගුරුවරුන් සප්ත වාර්ෂික නිවාඩු ලබාගෙන තිබෙන බවද මන්ත්‍රීවරයා කීය.
අධ්‍යාපන අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අමතමින් දිසානායක මහතා මේ බව සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාට විකාර... ටිකක් ඉන්න ඡන්දයක් එනකන්...!
විශ්වවිද්‍යාල ගුරුවරුන්ට දොස් කියන්න කලින් තමන් තමන්ව පත්කළ ජනතාවට යුක්තිය ඉටු කරලද ඉන්නේ? මෙයාත් රට බංකලොත් කළාට වග කියන්න ඕනේ. එහම තියෙද්දී කොහොමද අනුන්ට දොස් කියන්නේ? පිස්සු වැඩ, පිස්සු වැඩ.
ඉතින් කරන්න තියෙන්නේ විදෙස් ගතවී සිට පැමිණි පසුව විදෙස් ගත වී සිටි බව සනාථ කරන්න කියලා විධිවිධාන සැලසීමට ඇමැතිවරයා කටයුතු කළා නම් ඔහොම වෙන්නේ නැහැ නේද? ඔය කට්ටියම යන්නේ ජනතා මුදලින් පමණක් නොවෙයි, ජනතා මුදලින් වැටුප් ලබාගෙන කියලා කියන්න පුළුවන්... එහෙම ගෙවා ගිවිසුම් කඩකළා නම් අවශ්‍ය ඉදිරි පියවර නොගැනීම සාමාන්‍ය ජනතාවගේ වරදක් නොවෙයි කියලා ඔබලාට මතක් කරනවා...
සප්ත වාර්ෂික නිවාඩු ගත්තාම රට යන්නම ඕනෑ කියලා නීතියක් තියෙනවද ඇමැතිතුමා...?
මොන මෝඩයෝ ද ලංකාවේ ඔය දේශකයින් කියන අයව පිටරට ගෙන්න ගන්නේ. ඔය බහුතරයක් අයට ඒ ක්ලාස් රිසර්ච් පේපර් එකක් තියෙනවාද නැත්නම් පේටන්ට් එකක් තියෙනවාද? බහුතරයක් අය කරන්නේ ලංකාවේම තියෙනවට කැම්පස් එකක උගන්වනවා. නැත්නම් බිස්නස් කරනවා. නැත්තන් ටියුෂන් ක්ලාස් කරනවා. එහෙම කරලා ඒ අය පඩි දෙකක් ගන්නවා. සමහර දේශකයින් කටින් බතල හිටවනවා... ජේවීපී එකට... ඔය බහුතරයක්ම තමන්ට අදාල වැඩේ කරලා නෑ.
ගිහිල්ලා බලන්න scheme of recruitment ලංකාවේ විද්‍යාලය ගන්න විදියයි පිටරට විශ්ව විද්‍යාලට ගන්න විදියයි. එතකොට තේරෙයි වෙනස... ලංකාවට ගන්න පළමු උපාධිය කරපු කිසිම රිසර්ච් එකක් කරපු නැතිවුන්. පිටරට ගන්නේ ආචාර්ය උපාධිය කරලා, රිසර්ච් කරලා තියෙන වයස සීමාවක් සලකන්නැතුව බඳවා ගන්නේ. ලංකාවේ උපන්මහාචාර්යවරු පිටරටවල්වල වැඩ කරනවා. ඔවුන් ලංකාවේ වැඩ කරන්න කැමැතියි. ඒත් ලංකාවේ විශ්ව විද්‍යාලවල වැඩකරන හැත්ත ඒවගේ ටැලෙන්ට් මහාචාර්යවරු ගන්න කැමැති නෑ. ඔය පිටරට විදිහට බඳවා ගන්න. එවිට පිටරටවල වැඩකරන ශ්‍රී ලංකා මහාචාර්යවරු වයස සීමාවක් දන්නැතුව බඳවා ගත්තොත් (උපරිම 68) ඕනෑතරම් බඳවා ගන්න පුළුවන්. ඒ මිනිස්සු මුදල්වලට වඩා, රටට සේවයක් කරන්න එන්න කැමතියි..
අනේ මෙහෙමත් වෘෂභ රාජයෙක්! ඕක අරන් රට යන්නම ඕනෑ කියලා නියමයක් නෑ ලොක්කෝ. ඒක ඒ අයගේ හිමිකමක්. පිටරට මෙරට ද ඉන්නේ කියලා නීතියක් ඇත්තේ නැහැ. විශ්ව විද්‍යාල පනත අරන් කියවලා බලන්න. හැබැයි ඒක ඉංග්‍රීසියෙන් තියෙන්නේ...!
මේ රටේ ඔක්කෝම හොරු...
දැන් රජයේ සේවකයො වැඩි ප්‍රමානයක් එහෙම තමා. හේතුව වැටුප් ප්‍රශ්නෙ. විශ්ව විද්‍යාල විතරක් නෙමෙයි පාසල් ගුරුවරුත් නිවාඩු අරගෙන නැත්නම් අස්වෙලාම.. ටියුෂන් කරනව. ආණ්ඩුවෙ පඩියෙන් කරන්න පුළුවන් කෙං ගෙඩියක් නැහැ. තමුන්ල 225 එකතුවෙලා රාජ්‍ය සේවය නැත්තටම නැති කරනව. ලෝක බැංකුව පස්සෙ යනව.
මේ අය විදේශ ගත්වෙන්නම කියා නියමයක් නැහැ .ඒ අයට තම දැනුම වර්ධනය කර ගැනීමට මෙම කාලය යෙදවිය හැකියි
ඉතින් නියමිත නිවාඩු වලින් ගෙදර හිටපු නිවාඩුව අඩුකර ගෙන ඉතිරි නිවාඩුට දුන් වැටුප් දැන් ගෙවන පඩියෙන් හෝ විශ්‍රාම වැටුපෙන් අඩු කරන්න. වැඩේ සිම්පල්.