
( තිලකරත්න දිසානායක)
විශ්ව බලයෙන් රෝග සුව කරන බව පවසමින් පුද්ගලයන් මුලාවට පත් කොට මත් කුඩු ජාවාරම් කිරීම පිනිස මුදල් සොයා ගැනීමේ යෙදී සිටි බව කියන පුද්ගලයෙකු , මත් කුඩු මිලි ග්‍රෑම් 5300 ක් සමග අත් අඩංගුවට ගනු ලැබූ බව ගම්පහ පොලිස් අපරාධ විමර්ශන අංශය සඳහන් කරයි.
සැකකරු ගම්පහ , ඉදිගොල්ල ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි දෙදරු පියකු වන බවත් මොහුගේ බිරිද හැරදා ගොස් ඇති අතර විශ්ව බලයෙන් රෝග සුව කරන බව පවසමින් තෙල් සාත්තු කොට පුද්ගලයන් මුලාවට පත් කිරීමට ලක් කොට මත් කුඩු ජාවාරමේ යෙදීම පිනිස මෙලෙස මුදල් සොයා ගැනීමේ යෙදී සිට ඇති බවත් පොලීසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෝහයට නතු වුණාම කුඩු ගැහුවා වගේ තමයි