
(ගයාන් සූරියආරච්චි)
ශ්‍රී ලංකා රජයට ලැබෙන විදේශ රැකියා ප්‍රමාණයෙන් කොටසක් විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ට හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ට ලබාදීමට කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශය කැමැත්ත ප්‍රකාශ කර ඇති බව ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසයි.
එම විදේශ රැකියා ලබාදීමේ වැඩසටහන පිළිබඳ ත්‍රිවිධ හමුදා නිලධාරීන් දැනුවත් කිරීමට සදහා ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යවරයාගේ කාර්යාලයේ පැවැති සාකච්ඡාවකදී රාජ්‍ය අමාත්‍යවරයා ඒ බව පැවැසීය.
ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා සහ කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර යන මහත්වරුන් අතර සිදුකළ සාකච්ඡාවක ප්‍රතිළුලයක් ලෙස මෙම අවස්ථාව විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ට හිමිව තිබේ.
2025 දෙසැම්බර් මස 18
514
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
263
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1059
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
විශ්‍රාමික සෙබළුන්ට විදෙස් රැකියා
රංබොඩ Thursday, 06 June 2024 02:51 PM
රුසියාවටයි, ඊශ්‍රායලයටයි , කොරියාවටයිද ?
පිටරටවැසියා Thursday, 06 June 2024 03:02 PM
කරන්න ඕන හම්බවෙන විදේශ රැකියා ප්‍රමාණයෙන් කොටසක් විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ට හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ට දෙන එක වෙනුවට ඔවුන් වෙනුවෙන් විශේෂිතව, ආරක්ෂක ශේෂ්ත්‍රයට විශේෂිත වූ විදේශ රැකියා ප්‍රමාණයෙන් ලබා ගැනීමයි. එතකොට විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ට හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ගේ වුවමනාව සහ ගරුත්වයත් රැකගෙන, විරැකියාවෙන් පෙළෙන අනෙකුත් සාමාන්‍ය ජනතාවගේ වුවමනාවත් සපුරාලිය හැකියි. පාලකයින්ට මොළය පහළ වේවා !!!
ගමේ එකාලා Thursday, 06 June 2024 05:24 PM
මෙච්චර කල් නිදාගෙන ඉන්දලා නින්දෙන් නැගිටලා? හදිසියේම විශ්‍රාමික රණවිරුවන් ගැන මතක් වෙලා තියෙන්නේ මොකද දන්නේ නැහැ ? දේසපාලුවෝ කොහොමටත් ඡන්දේ කාලෙට කරන්නේ ජනතාව අන්දවන එකයි...
Ruwan De Silva Thursday, 06 June 2024 06:20 PM
අනිවාර්යයෙන් රුසියාවට, යුක්රේනයට නැත්තම් ඊශ්‍රායලයට තමයි, රනිල්ට දැන් විකුණන්න දෙයක් නැති හින්දා මිනිස්සු විකුණනවා වහල්කමට...!
Perera Friday, 07 June 2024 12:48 AM
ඡන්දයක් එන්නම ඕනේ ඕවා මුන්ට මතක් වෙන්න දැන්නම් උබලාට ජන්ද හොර ජන්දත් එක්කම
UPALI Friday, 07 June 2024 09:20 AM
විශ්‍රාම ගිය අය කවුද සේවයේ යොදවන්නේ. විශේෂයෙන්ම ආරක්‍ෂක ව්‍යාපාරයේ...