(සුමිත් පොතුපිටිය සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කළුතර බෝධි පරිශ්‍රයේ බුදුමැදුර තුළ තිබී විශ්‍රාමික විදුහල්පතිවරයකු මියගොස් සිටියදී සොයාගත් බව කළුතර දකුණ පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ කළුතර උතුර ප්‍රදේශයේ පදිංචිව සිටී අර්ල් මර්වින් මෙන්ඩිස් නැමති 72 හැව්රිදි විශ්‍රාමික විදුහල්පති වරයකු වූ එක්දරු පියකු බව පොලිසිය කීය.
මියගොස් ඇති තැනැත්තා බුදුන් වැදීම සදහා නිතර කළුතර බෝධි පරිශ්‍රයට පැමිණෙන පුද්ගලයකු බවට තොරතුරු ලැබී ඇතැයිද පොලිසිය පවසයි .
හදිසි මරණ පරීක්ෂක දීපාල් ඖෂධරත්න මහතා පරීක්ෂණ සිදුකළ අතර , කළුතර අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිළධාරීන් පරීක්ෂණ සිදුකිරිමට නියමිතව තිබූණි .
මූලික පරීක්ෂණවලින් පසු මෘතදේහය කළුතර ශීක්ෂණ රෝහලට යොමුකරන බව පොලිසිය කීය.
2025 දෙසැම්බර් මස 18
552
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
276
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1077
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
විශ්‍රාමික විදුහල්පතිගේ සිරුර කළුතර බුදු මැදුරෙන් හමුවේ
ලුම්බිණි Wednesday, 31 May 2023 06:46 PM
එතුමන්ගේ මරණාසන්න අවස්ථාවේ සිත නිසැකවම පහන් වී තිබෙන්නට ඇති. එතුමන්ගේ භවගමන යහපත් වේවා!
කිරිපුතා Wednesday, 31 May 2023 07:32 PM
නිවුණු සැනසුනු සිතින් අවසන් ගමන් ගිහින්. සුගති උපතින් පසු සසර ගමන ඉක්මනින් කෙලවර කරගනීවි...
SUNIL MILANO Wednesday, 31 May 2023 07:53 PM
ඔබතුමාට අජරාමර නිවන් සම්පත්තිය ලැබේවාමයි...!
Bunny Preena Thursday, 01 June 2023 11:06 AM
බොහොම සිල්වත් ජීවිතයක් ගත කල කෙනෙකු බව පෙනෙ. ඔහුට ණිවන් සුව පතමි.