
(පද්මසිරි ගාර්දියවසම් )
ඌරන්ට ඇටවූ විදුලි රැහැනක පැටලී බෙලිඅත්ත දෙද්දුවාවෙල දඹේආර ප්‍රදේශයේ පදිංචි 74 හැවිරිදි විශ්‍රාමික පාසැල් ගුරුවරියක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි බෙලිඅත්ත පොලිසිය පවසයි .
විශ්‍රාමික ගුරුවරිය පදිංචි නිවසේ සිට මීටර් 500 ක් පමණ දුරින් පිහිටි ඇයට අයත් වෙනත් ඉඩමකට ගොස් නිවස බලා ඒමට පාලු ඉඩමක් හරහා ගමන් කිරීමේදී අනවසරයෙන් ඇද තිබූ විදුලි රැහැනක පැටලී ඇතැයි පොලිසිය පවසයි .
ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කුසුමාවතී සෙනෙවිරත්න නමැති අවිවාහක විශ්‍රාමික ගුරුවරියකි.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.