(ආනන්ද ඉ ජයකොඩි සහ පුෂ්පකුමාර මල්ලවාරච්චි)
වේවැල්දෙනිය මහජන සෞඛ්‍ය පරීක්ෂක කලාපයට අයත් වේවැල්දෙනිය ශ්‍රී බෝධි මළුව විජයානන්දාරාමයේ නේවාසික භික්ෂූන් වහන්සේලා තුන් නමකට කෝවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අංශ ප්‍රකාශකයෙකු අද (12) පෙරවරුවේ පැවසීය.
මීරිගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය තුල ඊයේ (11) කරන ලද රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ වලදී එම භික්ෂූන් වහන්සේලා තුන් නමට කෝවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට අනාවරණය වූ බවද හෙතෙම සඳහන් කළේය.
එම භික්ෂූන් වහන්සේලා තුන් නම ඇතුළුව පසුගිය සති තුන ඇතුළත වේවැල්දෙනිය මහජන සෞඛ්‍ය පරීක්ෂක කලාපයෙන් කෝවිඩ් 19 වෛරසය ආසාදිතයින් තිස් දෙනෙකු අලුතින් හමු වී ඇති බවද එම ප්‍රකාශකයා කියා සිටියේය.
වේවැල්දෙනිය කලාපය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂක ආර් ඒ ඩී ඇස් ලංකාතිලක මහතා ප්‍රමුඛ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පිරිසක් විසින් එම මහාරස්ථානය ඇතුළුව අලුතින් වෛරසය ආසාදනය වී ඇති පුද්ගලයින් සිටින අනෙකුත් නිවාස සියල්ලම මේ වනවිට නීරෝධායනය කර ඇති බවද සෞඛ්‍ය අංශ ප්‍රකාශකයා කීය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
වේවැල්දෙණියේ පන්සලක හිමිවරුන් 3කට කොරෝනා