(රොමේෂ් මධුෂංක)

දින කිහිපයක් පුරාවට වව්නියාව දිස්ත්‍රීක්කයට ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් වව්නියාවේ පිහිටි සම්පූරණ වැව් 639 න් වැව් 415 ක්ම මේ වන විට පිටාර ගලන බව වව්නියාව දිසාපති පී.ඒ. සරත්චන්ද්‍ර මහතා පවසා සිටියේය.

මේ අනුව වව්නියාව දිස්ත්‍රීක්කයේ සම්ස්ථ වැව් 639 ගොවිජන සේවා දෙපාර්තමේන්තුව යටතේ පවත්නා වැව් 617 න් වැව් 400 ක්ද සුලු වාරිමාර්ග යටතේ පවත්නා වැව් 17 න් වැව් 11ක්ද මහවාරිමාර්ග යටතේ පවත්නා වැව් 5 න් වැව් 4ක් ද මේ වන විට පිටාර ගලන බවටද වව්නියාව දිස්ත්‍රීක් ලේකම් වරයා වැඩි දුරටත් පැවසීය.