( සිතුම් චතුරංග)

පවතින වැසි තත්වය හේතුවෙන් වවුනියාව,සෙට්ටිකුලම,පිරමනාදන්කුලම වැවේ වැව් බැම්ම ස්ථාන කිහිපයකින් කැඩී ගොස් ඇති බව වවුනියාව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ එ‍්කකය පවසයි.

වැව් බැම්මේ පිටවාන ආසන්න ස්ථානයකින් හා තවත් ස්ථානයකින් වැව් බැම්ම කැඩී ගොස් ඇති අතර,  වැව යටතේ කුඹුරු ජලයෙන් යටවී තිබිම හේතුවෙන් විනාශවීමේ අවධානමක් මතුව අ‍ැතැයිද  දිස්ත්‍රික් ආපදා කළමනාකරණ එ‍්කකය සඳහන් කළේය .

වැව කැඩීයාමෙන් පුද්ගලයින්ට හෝ ගම්මානයේ නිවාස වලට හානියක් නොවී අ‍ැති අතර, වැව් බැම්ම යුද හමුදාවේ හා පොලිස් විශේෂ කාර්ය බළකා නිළධාරීන්ගේ සහයෝගයෙන් වැලි කොට්ට යොදා ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවද දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නිලධාරීහු පවසති.