IMG-LOGO

විවිධ පැමිණිලි පොත පිළිස්සූ සැරයන්ගේ වැඩ තහනම්

(ඉන්දිකා  රාමනායක)

ආගරපතන පොලිසියේ  විවිධ පැමිණිලි සටහන් පොතේ පිටු  පුළුස්සා විනාශ කළ සැරයන්වරයකුගේ වැඩ තහනම් ලක් කළ බව ආගර පතන පොලිසිය පවසයි.

සැකකාර පොලිස් සැරයන්වරයා එහි ආධුනික පොලිස් කොස්තාපල්වරියකට මෙම පොත විනාශ කරන ලෙසට කර තිබූ දැනුම්දීමකට අනුව, එම ආධුනික පොලිස් කොස්තාපල්වරිය සටහන් පොත කාන්තා නේවාසිකාගාරය වෙත රැගෙන ගොස්.  එහි පිටු ගලවා කිහිපයක්ම පුළුස්සා විනාශ කර ඇති බව පොලිසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අනුව ආධුනික පොලිස් කොස්තාපල්වරිය ගෙන්  ප්‍රශ්න කිරීමේදී සැකකාර සැරයන්වරයා කර තිබූ දැනුම්දීමකට අනුව පොත විනාශ කළ බවට දැනුම් දී ඇත.

කිසිදු උසස් නිලධාරියෙකු  ගෙන් අවසර නොගෙන විවිධ  පැමිණිලි සටහන් පොත විනාශ කිරීම සම්බන්ධයෙන් මෙම  සැරයන්වරයා  නුවරඑළිය සහකාර පොලිස් අධිකාරිවරයා විසින් වැඩ තහනම් කර ඇත.

නුවරඑළිය සහකාර පොලිස් අධිකාරීවරයා යටතේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වේ.

 



අදහස් (0)

විවිධ පැමිණිලි පොත පිළිස්සූ සැරයන්ගේ වැඩ තහනම්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 625 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 761 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 322 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site