
(සුජිත් හේවාජුලිගේ)
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහි යෝජනාව විවාදයට ගැනීමට පෙර ඔහු එම තනතුරින් ඉල්ලා අස්වීමේ සූදානමක් පවතින බව විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් දැනගන්නට ඇත.
යෝජනාව සම්මතවී තනතුරින් ඉවත් කිරීමට පෙර මෙසේ ඉවත්වීමෙන් යම් ගෞරවනීය තත්වයක් ඇතිකර ගත හැකි බව ඔහුගේ හිතවතුන් දේශබන්දු තෙන්නකෝන් මහතාට පෙන්වා දී ඇතැයි එම ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.
මේ අතර අධිකරණයේ විනිශ්චයට භාජනය වෙමින් පවතින හෝ අධිකරණයේ තීන්දුව දීමට නියමිතව තිබෙන යම් කාරණයක් පිළිබඳව මන්ත්‍රීවරෙකු විසින් ඉදිරිපත් කරන යෝජනාවක සඳහන් නොකළ යුතු යැයි පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගවල සඳහන් වන හෙයින් යෝජනාව විවාදයට ගැනීමට නීතිමය බාධාවක් මතුවන බව නීති විශාරදයෝ පවසති.
විනිශ්චයට භාජනය වී තිබෙන කාරණයට එරෙහිව නීති කඩ කරමින් කතා කරන කවර හෝ මන්ත්‍රීවරයකුට සිය ආසනයෙහි අසුන් ගන්නා ලෙස නියෝග කිරීමට කතානායකවරයාට හෝ මූලාසනාරූඩ මන්ත්‍රීවරයාට හැකියාව පවතින බවද එම ස්ථාවර නියෝගවල දැක්වේ.
කෙසේ වෙතත් එවැනි අගතියක් ඇති නොවන බව කතානායකවරයාගේ මතය වන්නේ නම් එවැනි යෝජනාවක් ඉදිරිපත් කිරීමට ඔහුට ඉඩකඩ ඇති බවද එම නියෝගවල සඳහන්වේ.
දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධූරයෙන් පහ කිරීමේ යෝජනාව සම්මත කිරීමට පෙර පොලිස්පතිවරයාට එරෙහි චෝදනා සම්බන්ධයෙන් විමර්ශන කිරීමට ත්‍රිපුද්ගල කමිටුව පත්කිරීමේ යෝජනාව ලබන 8 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
එම යෝජනාව පාර්ලිමේන්තුවේ අලුත්ම න්‍යාය පුස්තකයට දැනටමත් ඇතුළත් කරනු ලැබ ඇත.
ස්ථාවර නියෝග අනුව කමිටුව පත් කිරීමේ යෝජනාව පාර්ලිමේන්තුවේ ඡන්ද 113කින් සම්මත කළ යුතුව ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැදගත් පොලිසියක් හදන්න පටන් ගන්න හොරා පොලිස් උන්ට පාචනය හැදෙන සුළු දඬුවමක් දීම මම යෝජනා කර ස්ථිර කරමි.
රටේ තියෙන ලොකුම ප්‍රස්නය දේසබන්දු!
අධිකරණයෙන් වරදකරුවෙකු ලෙස තීන්දු ලැබුණු පුද්ගලයෙකු වන දේශබන්දු පොලිස්පති තනතුරට පත් කිරීම සුදුසු නොවීම මත පාර්ලිමේන්තු යෝජනාවක් මත ඔහුව නෙරපීමට හැකියාවක් තිබේ