IMG-LOGO

2024 මැයි මස 18 වන සෙනසුරාදා


විවාදය යද්දී ක්‍රිකට් ලොක්කෝ සල්ලි ගන්න උත්සහයක

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධානින් විවාදය යන අතරේදී ලංකා බැංකුවේ නිදහස් චතුරස්‍ර ශාඛාවේ  ක්‍රිකට් ආයතන  ගිණුමෙන් ඩොලර් මිලියන දෙකක් නිදහස් කර ගැනීමට උත්සාහ දරා ඇති බව තමාට දැනගන්නට ඇතැයි ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී අද (9) පැවසීය.

කෙසේ වෙතත් බැංකුවේ කළමනාකාරවරයා පාර්ලිමේන්තුවේ මෙම විවාදය තිබෙන හෙයින් මුදල් නිදහස් කිරීමට ඉහළින් උපදෙස් ඉල්ලා ඇතැයිද ඔහු සඳහන් කළේය.

අමාත්‍යවරයා මෙසේ පැවසුවේ මුලසුනේ  අවසර ඇතිව විශේෂ ප්‍රකාශයක් කරමිනි.

රොෂාන් රණසිංහ මහතා මෙසේද පැවසීය.

මේ අයගේ ගමන් බලපත්‍ර අත්හිටුවන්න ක්‍රියාමාර්ග ගන්න ඕන. ඒකෙ පුද්ගලයකු අද රටේ නෑ. තවත් කල් මැරීම තුළ වෙන්නේ මොකක්ද. අශ්වයා ගියාට පස්සේ ඉස්තාලය වහල වැඩක් නෑ.

පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා

ඔබතුමා දැන් මේ නඩුවට ඇතුළු වෙන්න ඕන. ඒ අතුරු තහනම් නියෝගය ඉවත් කරගන්න ඔබතුමා මැදිහත් වෙන්න ඕන. මම ඔබතුමාට ඒක ඊයේ කිවුවා.

විපක්ෂ නායක  සජිත් ප්‍රේමදාස මහතා:

මේක බලු වැඩක්. මේ වගේ දේවල් කරන්න ඉඩදෙන්න එපා. දැන් ජනාධිපතිතුමාට දුරකතන පණිවුඩයක් දීලා මේක කියන්න ඕන.

රොෂාන් රණසිංහ මහතා;

අද ලේකම් නැහැ. ඩොලර් මිලියන දෙකක් ගන්න අනුමැතිය ගැනීම ප්‍රශ්නයක්.



අදහස් (18)

විවාදය යද්දී ක්‍රිකට් ලොක්කෝ සල්ලි ගන්න උත්සහයක

SW Thursday, 09 November 2023 11:29 AM

මෙන්න මෙ ගොල්ලන්ට තියෙන ලොකුම ප්‍රශ්නෙ ,පර්ලිමෙන්තුව තියෙන්නෙ රටෙ තියෙන වැදගත් ප්‍රශ්න කතා කරන්න නේද මෙ මිනිස්සු හැමදාම කිසි වැඩක් නැති වල් පල් කතා කරල කාලය කාල යනව.

:       157       20

chandanaThursday, 09 November 2023 01:36 PM

රටට අයිති ඩොලර් මිලියන දෙකක් කවුරු හරි ගන්න යනවා නම් ඒක නවත්තගන්න කතා කරන එක වල් පල් කතාවක්ද. එහෙම නැත්නම් ඒ සල්ලි ගත්තට පස්සෙ කතා කරන එකටද ඔබ කැමති..?

:       7       98

KumaraThursday, 09 November 2023 05:20 PM

ගණන් ගන්න එපා චන්දන, ඒක සහෝදරයන්ගේ ක්‍රමයනේ.

:       2       61

AnandaThursday, 09 November 2023 04:57 PM

මෙහෙමයි... ශම්මි කියන විදියට එයාලා කාටවත් වගකියන්න බැඳිලා නැතිලු... එයාලා ප්‍රයිවට් කොම්පැනි එකක් වගේලු. ආණ්ඩුවෙන් සතයක්වත් ගන්නේ නැතිලු. එයාලා සල්ලි දීලා ක්‍රීඩකයෝ අරගෙන මැච් ගහලා හම්බ කරනවා. පුහුණුකරුවන්ට එයාලා ගෙවනවාලු. මොනවා වුණත් එයාලා ඡන්දෙකින් තමයි පත් වෙන්නේ ඔය පාර්ලිමේන්තුව වගේම. ඡන්දේ ගන්නත් මන්ත්‍රීලා වගේම මිනිස්සුන්ට (ක්ලබ් වලට) ජරාව දෙනවා. පත්වෙලා දෙගොල්ලන්ම එක වගේ හොරාකනවා. වෙනසකට තියෙන්නේ මෙයාලා ඩොලර් හොයලා හොරකම් කරනවා. අනිත් අය බදු සල්ලිවලට කෙලිනවා. නහය ළඟට එරිලා ඉන්න අපිට මේකත් එක නාට්‍යයක් විතරයි. හෙට අනිද්දා මොනවා හරි වැඩිකරයි. නැත්නම් මොකක් හරි පනතක් සම්මත කර ගනියි මේ රස්නේ පිට... මේවාට අහුවෙන අය ඉන්නකම් සොරිම තමයි. දැන්යන මැච් එක ශම්මි ටයිටන්ස් ව්ස් නිව්සීලන්ඩ් කියලා... හිතාගන්න. එතකොට අවුලක් නැහැ...

:       2       14

nimalFriday, 10 November 2023 03:35 AM

ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහගේ ප්‍රකාශය තුළම ඔහු අසමත් ඇමැතිවරයකු බව පැහැදිලියි...!

:       0       0

මඩුගල්ල Thursday, 09 November 2023 02:49 PM

මේවත් වැඩක් ඇති දේවල් තමයි. මෙතනත් හොර ගුහාවක්. මෙතනින් හෝ පටන් ගමු. රොෂාන් ඇමතිතුමාට ඒකට ශක්තිය තියෙනවා. හැමෝගෙම සහයෝගය ලැබෙනවා හොරුන්ගේ හැර.

:       8       66

gunarathnaFriday, 10 November 2023 08:11 AM

මම නම් කියන්නෙ මෙක බොරු වැඩක්. මුලින්ම කරන්ට මුන් හොරු කියල ඔප්පු කරන්ට ඔනෙ. එහෙම කරලත් යන්නෙ නැතිනම් තමා පර්ලිමන්ට් එකේ කත් කරන්ට ඔනෙ. විගනකාධිපති කියන්නෙ වංචාවක් වෙලා තියෙනව කියල.

:       0       0

Patriot Thursday, 09 November 2023 02:59 PM

මෙයා ඇමැති කෙනෙක් හැටියට popularity බැහැගෙන එනකොට ලකුණු දා ගන්න කරපු විගඩම අතේ පත්තු වෙනවා ඉක්මනටම...!

:       0       0

Janahitha Thursday, 09 November 2023 04:39 PM

රටේ ජනතාව රොෂාන් සමග සිටිනවා...!

:       0       0

Rohana Thursday, 09 November 2023 04:51 PM

ක්‍රිකට් මාෆියාව ගැන කතාකිරීම වැදගත් නැතිවෙන්නේ කොහොමද?

:       0       0

ජයරත්න වික්‍රමාරච්චි- Thursday, 09 November 2023 05:11 PM

ක්‍රිකට්වලට වගේ පක්ෂ විපක්ෂ කට්ටිය මේ එයාලාම ඇදවට්ටපු රට ගොඩ ගන්නත් එකතු වුණා නම්..! 

:       0       29

බද්රානි Thursday, 09 November 2023 05:11 PM

හොර රැලක් එකට එකතු වී, හොරකම වළක්වනවා වෙනුවට, ඒ හොරකම තමන්ගේ තමන්ගේ කරගන්න දරන මේ උනන්දුව හා උත්සාහය ගැන කාට හෝ සැකයක් නැද්ද..? එහෙම නැත්නම්, හොර කල්ලි නායකයින්ට නිසි පරිදි අනෙක් හොරුවිසින් නියමිත කප්පන් මුදල ගෙවා නැතිද..? එහෙමත් නැත්නම්, හොරු විසින්ම හොරකමට විරුද්ධව හඬනගා තමන් සුදනන් ලෙස ලොවට පෙන්වා සමස්ත හොරුන්ට විරුද්ධව හඬ නගන සැබෑ හඬවල් නිහඬ කිරීමේ උපක්‍රමයක් වෙන්නත් බැරිද...? මාර කඩි කුලප්පුවක්නේ මේ එකපාරටම හැදුනේ...? මොනවා වුණත් කාලෙකට පස්සේ බැලුව සුපිරි ටෙලිඩ්‍රාමා එකක් නේද..? මොනවා වුනත් "හොර වීරයෝ" ගැන මාර ගැම්මක් ඇඟට දැනෙනවා. ඔහොම ජහ්!!!

:       62       9

Banda Thursday, 09 November 2023 09:46 PM

ඔයාලයි ඔයාලගේ ලොක්කයි නිසා අපි පෝලිමේ ලැගපුවා අමතක නෑ. ආපහු කෙලවන්නේ නැතුව ඉන්නවාද? ඔයා කරපුවත් මතකයි අපිට... හැංගිලා හිටපු ඔයා එළියට බැස්සෙත් ඔය ජනාධිපති නිසයි...!

:       0       0

Perera Thursday, 09 November 2023 11:38 PM

දැන් රාජපක්ෂලාගේ හොරකම්, පැන්ඩෝරා පේපර්ස් හැමෝටම අමතකයි. තව ටික කලක් යනකොට ක්‍රිකට් වංචාවත් හැමෝටම අමතකයි...

:       0       0

Ajith Friday, 10 November 2023 02:11 AM

අලි ගහලා මිනිස්සු මැරෙනවා... අලි මැරෙනවා, දැරියන් දූෂණය වෙනවා, රිය අනතුරු වලින් දවසකට 10ක් විතර පාරෙ මැරෙනවා. සත්තුන්ගෙන් වගා පාලු වෙනවා. ඒවා විසඳන්න විවාද නෑ. මොවුන්ට තියන ලොකුම ප්‍රශ්නේ ක්‍රිකට්...

:       0       1

Raween Friday, 10 November 2023 07:51 AM

කවුරු මොන දේවල් කියෙව්වත් මේ මොහොතේ රටේ බලවත්ම පුද්ගලයා සාගල රත්නායකයි.ඔහුට අවශ්‍ය විදියට තමයි රටේ තීන්දු තීරණ ගන්නෙ.ඉතින් දකුණේ යක්ඛ පුත්තුන්ට පුළුවන් ආඩම්බර වෙන්න..ඔහුත් දකුණේ පුද්ගකෙයක් කියා උදම් අනන්න.

:       0       0

ජේ. ආර්. ජයවර්ධන Friday, 10 November 2023 10:18 AM

ක්‍රිකට් ලොක්කෝ උස්සන්න යන ඩොලර් මිලියන දෙක අනිවාර්යයෙන් ම ගන්න ඕන ඒ වගේම මැදමුලනෙන් උස්සපු ඩොලර් බිලියන 18 කවදාද ගන්නේ

:       1       1

චන්දිම ෆොන්සේකා Friday, 10 November 2023 11:31 AM

බුදුන් වහන්සේගේ කාලයේ කෝසල නම් රජතුමා සිහින 16ක් දැකලා කලබල වි උන් වහන්සේගේ හමුවී ඒවා විග්‍රහ කර ගත් කතාව ඔබ දන්නවාද? ඉන් පළමු සිහිනය ලෙස රජ දැක ඇත්තේ හතර දෙසින් මහා ගෝෂා නගමින් ඇස් ඔරවමින් පිඹිමින් වලිග ඔසවමින් දුහුවිලි නගමින් මහා සටනකට සැරසෙන විලාශයෙන් එක තැනක් කරා වේගයෙන් දිව එන කුළු සරක් 4 දෙනෙකි. මොහොතකින් මහා සටනක් සිදුවෙනු ඇතැයි බලා සිටි රජුට මහා සටනක් කෙසේවෙතත් අවසානයේ එකිනෙකාට සමීප වූ පසු ඔවුන් එකිනෙකාගේ හෝම්බවල් ලෙවකාගෙන හෙමිහිට ආපසු හැරී කිසිවක් නොවුනා සෙ පසුබැස ගිය බව පෙනිණි. බුදුන් වහන්සේගේ විග්‍රහය අනුව එය අනාගතයේ පාලකයන් විසින් බලයට පැමිණීමට පෙර ජනයා මුලා කිරීමට තමන් එතෙක් පවතින හොර වංචා වලට එරෙහිව කටයුතු කරන බවට මුලින් මහා ඝෝෂා පවත්වා ජනයා මුලා කොට බලයට පැමිණි පසු කිසිවක් සිදු නොවුනා සේ සිටිමින් තමන්ද එකී හොර දුෂණ වංචා කරමින් සමහර විට කලින් සිටි හොරුත් සමග එකට හවුලේ හොරකම් දිගටම කරගෙන යන බවයි. ඔබට පෙනුනේ නැද්ද ඔය දියවන්නාවට ගිහින් බලයට පත් වූ හැමෝම හැමදාම අපිට කලේ ඕක නේද? මෙතැනත් ඕකම වෙන්නේ නැද්ද කියලා ඔන්න බලන් ඉන්නකෝ, මම අද කිව්වයි කියලා හිතා ගන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

තරුණයා දැරියකගේ දිවි බේරයි
2024 මැයි මස 18 275 0

කලවාන කුකුළේ ගංගාවට පැන්නේ යැයි කියන දැරියක් එම ප්‍රදේශයේ තරුණයකු ගඟට පැන දිවි බේර ගෙන ඇති බව කලවාන පොලිසිය පැවසීය .


’යුද්ධයෙන් පීඩා විඳි සියල්ලනට එංගලන්තයේ සහාය’- කැමරන්
2024 මැයි මස 18 405 0

ශ්‍රි ලංකාවේ සිවිල් යුද්ධය අවසන් වී වසර 15ක් ගෙවී ඇතත් එම ගැටුම් වලින් මියගිය සහ අතුරුදහන්වූ පුද්ගලයන්ගේ පවුල්වල සාමාජිකයන් අදටත් තම ආදරණීයයන්ට සිදුව


ඇල්ල- වැල්ලවාය පාර අදත් වහයි
2024 මැයි මස 18 137 0

ඇල්ල වැල්ලවාය මාර්ගයට කරදගොල්ල මලිතගොල්ල ප්‍රදේශයේදී මාර්ගයට රොම්මඩ සහිත ජලය ගලා ඒම තවදුරටත් පවතින බැවින් අද (18) රාත්‍රි 8.00 සිට හෙට උදෑසන 6.00 දක්වා මාර්


ට්‍රාන්ස්ෆෝමරයක් අසල නාඳුනන සිරුරක
2024 මැයි මස 18 841 1

ගම්පහ ,ඉහළ යාගොඩ ප්‍රදේශයේ විදුලි ට්‍රාන්ස්ෆෝමරයක් අසල වැටී සිටි නාදුනන පුද්ගලයකුගේ මළ සිරුරක් පොලීසිය සොයාගෙන ඇත.


පැවැත්වෙන මැතිවරණය ගැන උදයංග කියයි
2024 මැයි මස 18 2287 9

ස්ථීරයෙන්ම එන්නේ ජනාධිපතිවරණය නොව මහ මැතිවරණය බවත් ලබන 14 හෝ 15 පාර්ලිමේන්තුව අනිවාර්යයෙන්ම විසුරුවන බවත් රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරත


ආර්ථික පරිවර්තන පනත ගැසට්ටුව නිකුත් වෙයි
2024 මැයි මස 18 357 0

ආර්ථිකයේ පරිවර්තනයක් වෙනුවෙන් විධිවිධාන සැලසෙන ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත පිළිබඳ ගැසට් නිවේදනය නිකුත් කෙරිණ.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 787 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2337 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 2002 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site