IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


විවෘත විශ්ව විද්‍යාලයට නව උපකුලපතිවරයෙක්

ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ නව උපකුලපතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පී.එම්.සී තිලකරත්න මහතා පත් කරනු ලැබ ඇත.

මෙම පත්වීම ජූනි මස 23 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි ලබාදී තිබේ. ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පී.එම්.සී තිලකරත්න මහතා උපකුලපති ධුරය සඳහා තේරී පත්වූ දෙවැනි අවස්ථාව මෙය වන අතර ඒ මහතා 2021 වසරේදීද විවෘත විශ්ව විද්‍යාලයේ උපකුලපති ධුරය දරා ඇත.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම පත්කිරීම සිදුකර තිබේ.

ගිණු­ම්ක­ර­ණය පිළි­බඳ ජ්‍යෙෂ්ඨ මහා­චා­ර්ය­ව­ර­යෙක් වන පී.එම්.සී තිලකරත්න මහතා මහතා කැල­ණිය විශ්ව­වි­ද්‍යා­ලයේ දුරස්ථ හා අඛණ්ඩ අධ්‍යා­පන කේන්ද්‍රයේ අධ්‍ය­ක්ෂ­ව­රයා ලෙසද කට­යුතු කර තිබිණි.



අදහස් (1)

විවෘත විශ්ව විද්‍යාලයට නව උපකුලපතිවරයෙක්

Chandanie Monday, 01 July 2024 01:33 PM

උප කුලපතිතුමනි, ඔබතුමාට අපගේ ජයග්‍රහණය සඳහා දරුවන්ට තියෙන ප්‍රශ්න නිරාකරණය කර දී අධ්‍යාපන කටයුතු කරන හා උපාධිය ලබාගෙන පිටවීමට සිටින සියලු දරුවන්ට පිහිටවීම ඔබතුමාට ශක්තිය හා වාසනාව උදාවේවා..!

:       1       17

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 551 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 276 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1077 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site