(කාංචන කුමාර ආරියදාස)
වැලිසර ආර්ථික මධ්‍යස්ථානය ඉදිකිරීම සඳහා ව්‍යාපාරික ප්‍රජාවගෙන් එකතු කළ රුපියල් ලක්ෂ 450 මුදල අමාත්‍යාංශයේ තිබී අතුරුදන් වී ඇති බවත් ඒ පිළිබඳව පාර්ලිමේන්තු කෝප් කමිටුව දැනුම්වත් කළද මෙතෙක් කිසිම අවධානයක් යොමු නොකිරීම බරපතළ ප්‍රශ්නයක් බවත් ආර්ථික මධ්‍යස්ථාන එකමුතුවේ ප්‍රධාන ලේකම් රොෂාන් කුරේ මහතා පැවැසීය.
ඔහු ඒ බව පැවැසුවේ දිවයිනේ සියලු ආර්ථික මධ්‍යස්ථානවල වෙළෙඳ සංගම්, කොළඹ මැනින් වෙළෙඳ සංගමය හා ඒකාබද්ධ කරමින් දඹුල්ල පෞද්ගලික හෝටලයක දී පැවැති නිලධාරීන් පත්කර ගැනීමේ නිලවරණයෙන් පසුව විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමිනි.
ආර්ථික මධ්‍යස්ථානවල ව්‍යාපාරිකයන්ගේ අයිතිය රජය විසින් අහිමිකර ඇති අතර ඇමැතිවරයාගේ සහ ජනාධිපතිවරුන්ගේ අවශ්‍යතා පරිදි බදු කාලසීමා වෙනස් කරන බවද ඔහු කීවේය.
විදේශ ව්‍යාපාරිකයන්ට අවුරුදු 99කට අයිතිය ලබාදෙන රජය වසර ගණනාවක් තිස්සේ ගොවීන් සමග ගනුදෙනු කරන දේශීය ව්‍යාපාරිකයන්ට කොකා පෙන්වන බවත් ප්‍රධාන ලේකම්වරයා පැවැසීය.
ඒකාබද්ධ ආර්ථික මධ්‍යස්ථානය සංගමයේ සභාපතිවරයා ලෙස පත්වූ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන වෙළෙඳ සංගමයේ සභාපති රෝහණ බණ්ඩාර මහතා මාධ්‍ය හමුව අමතමින් කීවේ කෘෂිකර්මය විනාශ කිරීමේ කුමන්ත්‍රණයක් වර්තමාන රජය ක්‍රියාත්මක කර තිබෙන බවට සැක මතුවන බවය.
ව්‍යාපාරිකයාත් ගොවියාත් අකර්මණ්‍ය කරමින් ඉන්දියාවෙන් එළවළු ආනයනය කිරීමේ ක්‍රමවේදයකට යන බවට සැකයක් මතුවන බව ඔහු පැවැසීය.
බිත්තර ගොවිපළ විනාශ කළ ආකාරයටම ගොවියා විනාශ කිරීම් සිදු කරන්නේ යැයිද හෙතෙම චෝදනා කළේය.
එහි මහ සභා නියෝජිතයකු වූ අයි.ජී. විජේනන්ද මහතා එළවළු ඇසුරුම් කිරීම කිලෝ 25කට සීමා කිරීමේ නීතියක් රට තුළ ක්‍රියාත්මක විය යුතු බවට යෝජනා කළේය.
ආර්ථික මධ්‍යස්ථාන එකමුතුවේ භාණ්ඩාගාරික නිමල් අත්තනායක මහතා මාධ්‍ය හමුව අමතමින් කියා සිටියේ කෘෂිකර්මාන්තය පිළිබඳව රජය කිසිදු අවධානයක් යොමු නොකර ආර්ථික මධ්‍යස්ථාන විනාශ කරමින් සිටින බවය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සල්ලි දුන්නේ මන්ත්‍රී යටද? එහෙනම් වැඩේ හරි?
දුෂණ වංචා හොරකම් . මේවා ගැන කියනවා පමණයි .රට කවදා හැදේවිද
නන්දසේන රට කෑව බයියන්ට මෙව කවද තෙරේද මද?
මෙයා නන්දසේනගේ පස්ස පැත්තේ එල්ලෙන්නේ නන්දසේන සෙට් එකටම වැඩේ දීපු නිසා වෙන්න ඇති. තාම ඉවර නැහැ ගොයියෝ...