(අංජුල මහික වීරරත්න)
යල කන්නයේදී වැඩිම වගා හානි වන්දි වාර්තා වූ වලව කලාපයේ ගොවීන්ට වන්දි මුදල් ප්‍රදානය හෙට (26) අරඹන බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව, වලව - මහවැලි කලාපයේ වගා හානි සිදු වූ ගොවීන් 1030 දෙනකුට සංකේතාත්මකව වන්දි මුදල් ප්‍රදානය ඇඹිලිපිටිය ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ ශාලාවේදී කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරෙයි.
වලව කලාපයේ වගා හානි වන්දි සඳහා රුපියල් මිලියන 328ක් වෙන් කර ඇති අතර කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය විසින් මෙම මූල්‍ය ප්‍රතිපාදන ලබා දීමට කටයුතු යොදා ඇත.
වලව කලාපයට අයත් මුරවැසිහේන, මයුරපුර, කිරිඉබ්බන්වැව, චන්ද්‍රිකා වැව සහ අඟුණකොළපැලැස්ස ගොවි ජනතාවට මෙහිදී වන්දි මුදල් පිරිනැමෙන අතර, හෙක්ටයාරයකට රුපියල් ලක්ෂය බැගින් වන්දි දෙන බව කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd