
(සනත් ගමගේ)
අම්බලන්තොට පුහුල්යාය ප්‍රදේශයේදී වලව ගඟේ දිය නාද්දී කිඹුලකු විශ්‍රාමික ගුරුවරියක ඩැහැගෙන ගොස් ඇතැයි අම්බලන්තොට පොලීසිය කියයි.
කිඹුලාගේ ගොදුරක් වූ ගුරුමව ඩැහැගෙන යද්දී අවට සිටි පිරිස් කෑකෝ ගැසීම නිසා කිඹුලා ඇගේ කකුලක් කඩාගෙන ගොස් ඇතැයි පොලිසිය කියයි.
පසුව ප්‍රදේශවාසීන් එක්ව මිය ගිය විශ්‍රාමික ගුරුවරියගේ සිරුරු ගොඩ ගෙන ඇත.
කිඹුල් ප්‍රහාරයට ලක්ව මිය ගියේ පී. සමරසිංහ නම් 75 වැනි වියේ පසු වූ විශ්‍රාමික ගුරුවරියකි.
ඇය අම්බල්නතොට ප්‍රදේශයේ ප්‍රසිද්ධ දේශීය වෛද්‍යවරයකුගේ බිරිද බවද පොලීසිය කියයි.
මිය ගිය ගුරුවරියගේ සිරුර අම්බලන්තොට වාදුරුප්ප ප්‍රාදේශීය රෝහලේ තැන්පත් කොට ඇති අතර මරණ පරීක්ෂණය මේ වන විට සිදු කරමින් තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd