
(සමන් පාලිත නානායක්කාර)
පැවති ධාරානිපාත වර්ෂාවත් සමඟ අද (08) උදේ බෙරගල වැල්ලවාය ඒ 4 මාර්ගයට පහළ බ්ලැක්වුඩ් ප්‍රදේශයේ දී දැවැන්ත පස් කන්දක් කඩා වැටීමෙන් එම මාර්ගයේ ගමනාගමනය සම්පූර්ණයෙන්ම අවහිර වී ඇති බව හපුතලේ පොලීසිය කියයි.
පෙරවරු 8.00 ට පමණ පස් කන්ද මාර්ගය මතට කඩා වැටෙන අවස්ථාවේ දී එම ස්ථානයෙන් එහා මෙහා ගිය යතුරුපැදිකරුවන් කිහිපදෙනෙකු අනූ නවයෙන් දිවි බේරාගෙන ඇති බවද පොලිසිය කියයි.
ගල් පර්වත හා ගස් කොළන් සමඟ පස් කන්ද මාර්ගය මතට කඩා වැටීම හේතුවෙන් එම මාර්ගයේ අඩි සියයකට වැඩි දුර කොටසත් සම්පූර්ණයෙන්ම අවහිර වී ඇතැයිද පොලීසිය කියයි.
විකල්ප මාර්ගය ලෙස බණ්ඩාරවෙල ඇල්ල වැල්ලවාය මාර්ගය නම් කර ඇතැයි ද එම මාර්ගයේද නාය යාමේ අවදානමක් ඇති බැවින් විමසිලිමත්ව රථ වාහන ධාවනය කරවන ලෙස පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.
හාල්අටුතැන්න කිරවනාගම නිකපොත හරහා වැල්ලවාය දක්වා ඇති පටු මාර්ගයක් ද විකල්ප මාර්ගය ලෙස පොලිසිය හඳුන්වා දී තිබේ.
2025 දෙසැම්බර් මස 18
207
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
167
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
967
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වැල්ලවාය ඒ 4 මාර්ගයට පස් කන්දක් කඩා වැටෙයි