
(යොහාන් භාසුර)
එක්සත් අරාබි එමිර් රාජ්‍යයේදී දැන් පැවැත්වෙන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වෙමින් සිටියදී සිය පියාගේ හදිසි අභාවය හේතුවෙන් නැවත මෙරට පැමිණි දුනිත් වෙල්ලාලගේ ඩුබායි බලා අද (19) රාත්‍රී පිටත්ව යන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසීය.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම් කළමනාකරු මහින්ද හලංගොඩ මහතා සමග අද පෙරවරුවේ මෙරට පැමිණි දුනිත් සිය පියාට අවසන් ගෞරව දැක්වීය.
ශ්‍රී ලංකා කණ්ඩායම සුපිරි හතර දෙනාගේ වටයේ පළමු තරගයට බංග්ලාදේශයට එරෙහිව හෙට (20) ක්‍රීඩා කිරීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd