(ඉන්දිකා රාමනායක)
වැල්ලම්පිටිය බ්‍රැන්ඩියාවත්ත ප්‍රදේශයේ දී පුද්ගලයකුට වෙඩි තබා බරපතල තුවාල සිදුකිරීමේ සිද්ධියට සම්බන්ධ වෙඩික්කරු ඇතුලු දෙදෙනකු මෝටර් රථයකින් මීගමුව දෙසට පලා යමින් සිටියදි විශේෂ කාර්ය බලකායේ බුද්ධි කොට්ඨාසය විසින් මීගමුව කොප්පරාහංදිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගෙන ඇති අනෙක් සැකකරු මෙම වෙඩි තැබීම සිදුකිරීම සදහා වෙඩික්කරු ප්‍රවාහන කළ ත්‍රිරෝද රථ රියදුරු බව පොලිසිය පවසයි.
වැල්ලම්පිටිය බ්‍රැන්ඩියවත්ත ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු ඉකුත් (9) දින නිවස අසලදී මෙලෙස වෙඩි ප්‍රහාරයට ලක්ව බරපතල තුවාල සහිත කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවේ.
දෙමටගොඩ ප්‍රදේශයේ මහපරිමාණ මත්කුඩු ජාවරම්කරුවෙක් විසින් මෙම වෙඩි තැබීම මෙහෙයවා ඇති බවත්, මත්ද්‍රව්‍ය ආරවුලක් මෙම වෙඩි තැබීමට මුල් වී ඇති බවද පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd