( රොමේෂ් මධුෂංඛ)

මන්නාරම ශාන්තිපුරම් ප්‍රදේශයේ නිවසක් තුල සඟවාගෙන සිටි රුපියල් කෝටියකට අධික වටිනා වාලම්පුරි 4 ක් සමගින් පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බවට මන්නාරම් පොලීසිය පවසයි.

මන්නාරම් පොලීසියට ලැබුනු තොරතුරකට අනුව ඒහි නිලධාරීන් පිරිසක් විසින් ශාන්තිපුරම් ප්‍රදේශයේ සිදුකරන ලද සෝදිසි මෙහෙයුමකදී නිවසක් තුල සඟවා තිබූ අදාල වාලම්පුරි 4 සොයා ගනු ලැබීය.

අත්අඩංගුවට ගත් සැකකරු ශාන්තිපුරම් ප්‍රදේශයේම පදිංචි 59 හැවිරිදි අයෙකි.

මෙම වාලම්පුරි 4 සැකකරු විසින් වෙනත් පුද්ගලයෙකුට විකිණීම සඳහා සූදානම් කොට තිබියදී මෙලෙස අත්අඩංගුවට ගනු ලැබීය.