(අංජුල මහික වීරරත්න)
ලංකාවේ තිබෙන තරු පහේ ප්‍රජාතන්ත්‍රවාදය නිසා ඕනෑම බොරුවක් ජනගත කිරීමේ හැකියාව තිබෙන බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබෙිවර්ධන මහතා පැවසීය.
චීනය වැනි රටවල් දියුණුවට පත් වූයේ එවැනි වල්බූරු නිදහසක් නොමැති නිසා බවද අබෙිවර්ධන මහතා කීය.
විවිධ කණ්ඩායම් ජනාධිපතිවරයා ගෙන යන ආර්ථික වැඩපිළිවෙළ විවේචනය කිරීමට සමාජ මාධ්‍ය භාවිත කරමින් සිටින බව කී මන්ත්‍රීවරයා සිංගප්පූරුව, මැලේසියාව වැනි රටවල බොරු අපහාස කරන සමාජ මාධ්‍ය වලට ඉඩ තබා නැතැයි සඳහන් කළේය.
ගාල්ල සමනල ක්‍රීඩාංගනයේ පැවැත්වෙන කර්මාන්ත ප්‍රදර්ශනයේ සමාරම්භක අවස්ථාවට සහභාගී වෙමින් අබේවර්ධන මහතා මේ බව කීය.
ජනතා විමුක්ති පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, පොහොට්ටුව, කොමියුනිස්ට් පක්ෂය ආදී සියලු දේශපාලන පක්ෂ රටට අවශ්‍ය බව කී අබේවර්ධන මහතා උදාවන 2024 වර්ෂයේදීවත් බෙදෙන්නේ නැතිව එකතු වෙමු යැයි ආරාධනා කරන බව සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රට බූරුවන් පාලනය කරනවා...!
වල් බූරු නිදහස දෙන්න එළියට බැහැලා එන්නකෝ... එක ආසනයක් දිනාගන්න බැරුව පිනට ඇවිල්ලා කතා කියනවා...
තරු පහේ ප්‍රජාතන්ත්‍රවාදය නිසා ඕනෑම බොරුවක් ජනගත කිරීමේ හැකියාව? ඒ හින්දා නේද ඔහෙලා හැමදාම ඉන්නේ... ? රට පැලෙනකම් බොරු කියලා පොදු ජනයා රවටන්නේ...!
අලුත් ආණ්ඩුවකින් මුලින්ම කරන්න ඕනේ ව්‍යවස්ථාව සංශෝධනයක් කරලා, ජනතාව ප්‍රතික්ෂේප කරපු ඡන්දෙන් පැරදුණු අය ආපහු පාර්ලිමේන්තුවට හොර පාරෙන් රිංගන්න පුළුවන් ක්‍රම අහෝසි කරන එක...
මහජන මුදල් කොල්ල කාපු දේශපාලකයින්ට, රාජ්‍ය භාණ්ඩාගාරය කොල්ල කාපු දේශපාලකයින්ට සහ මේ රටේ ජනතාව රවට්ටපු හැම දේශපාලනඥයාටම ශාප වේවා! මුළු රාජපක්ෂ පවුලටම හෙණ හතම වැදියන්...
උපත් පාලනය ගැන තියෙන නොදැනුවත්කම නිසා මේ වගේ අයත් ඉපදෙනවා.
කුණු කූඩයට වැටී සිටි වල් බූරුවන් රජයන කොට එහෙම වෙනවා සීයේ..
ලංකාවේ තියන්නේ තරුපහේ ප්‍රජාතන්ත්‍රවාදයක්ලු... රනිල්ගේ වලිගවලට විතරයි ඒක තියන්නේ... වජිර උන්නැහැලාගේ ලාබසිනා කාලය ඉකුත් වෙනවා...!
අන්න ගැලපෙන තැන...
ඔබලාගේ දැන් දවසින් දවස බය වැඩිවෙනවා නේ...?
වජිර සර්, මිනිස්සුන්ගේ සල්ලි හොරකම් කළේ නැති නිසා චීනය දියුණු වුණා...
හරකෙක් තප්පුලනවා
බංබුව තමයි.
මුන් වගේ වල් බූරුවෝ තමයි පාර්ලිමේන්තුවේ නිදහසේ කකා බිබී ඉන්නේ අපෙන් යැපී යැපී .තොපිට මේ ලැබුවා වූ නව වසරේ හෙනම ගහපියව්
සිංගප්පූරුව, මැලේසියාව, චීනය වැනි රටවල් සමග ලංකාව සංසන්දනය කිරීමේ කිසිම තේරුමක් නැත. ඒ රටවල නායකයින් රටට ආදරෙන් අවංකවම රට ගොඩනැංවීමට කටයුතු කළබව අපි හොඳින් දනිමු. ලංකාවේ එහෙම නොවෙයි. ලංකාව පාලනය කරන්නේ හොරු කණ්ඩායමකි. රට ගොඩනගනවා කියලා කතාවෙන් පෙන්නුවාට එහෙම කරපු බවක්, කරන බවක් පේන්න නැතිමයි. ඉතින් ඔබ සලකන නායකයත් එහෙම්ම තමයි. ඉතින් රටේ දියුණුවක් පෙනෙනතෙක්මානයක නැත..