(ගයාන් සූරියආරච්චි)
රාගම වල්පොල ප්‍රදේශයේදී ඉකුත් (14) රාත්‍රියේ සිසුවකු ඇතුළු තිදෙනකුට සිදුකළ වෙඩිතැබීම සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව රාගම පොලිසිය පවසයි.
ඩුබායි සිට මෙරට පාතාල ක්‍රියාකාරකම් මෙහෙයවන වැල්ලේ සාරංග නැමැත්තාගේ ගෝලයන් දෙදෙනකු සහ සිද්ධියට අදාල නිවෙස පෙන්වූ පුද්ගලයකු ඇතුළු තිදෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.
රාගම පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක බුද්ධික රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි, අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක කසුන් සුභාෂණ, උප පොලිස් පරීක්ෂක අබේරත්න, පොලිස් කොස්තාපල්වරුන් වන (78997) පෙරේරා, (27096) උපනන්ද, (68675) මහින්ද, (16849) කුමාර, (79574) සඳුන් සහ (33281) සුමිත් යන නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ සිදුකරති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd