
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
නොනවත්වා ඇදහැලෙන වර්ෂාව හේතුවෙන් වැලිපැන්න අන්තර් හුවමාරුව ද ජලයෙන් යටවීම නිසා මීට සුළු මොහොතකට පෙර තාවකාලිකව වසා දැමූ බව අධිවේගී මාර්ග මෙහෙයුම් නඩත්තු කළමනාකරණ අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂක ජනරාල් පි. එච්. ගුණසිංහ මහතා පැවසීය.
වැලිපැන්න පිවිසුමෙන් අධිවේගී මාර්ගයට ඇතුළු වීමට හෝ අධිවේගී මාර්ගයෙන් පිටවීමට හෝ නොහැකි තරමට යටවී ඇත.
මතුගම අලුත්ගම මාර්ගය ජල මට්ටම අඩි 4 1/2 පමණ උසකින් යුක්ත වන බවට ඒ මහතා පැවසීය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැලිපැන්න යට වුනේ අද ඊයේ නෙමෙයි. ඉස්සර අපේ නෑදෑ කෙනෙක් වැලිපැන්න යට වුනාම අපේ ගෙදර නතර උනා. ඒ අපි පුංචි කාලෙ. තාමත් එහෙමයි. මොකද තෙත් බිම් කොහොමත් ජලය රදා ගන්න ප්‍රදේශ. ඔ්කට වැය කරන ශ්‍රමය, යෙදෙව්වා නම් අලුත්ගම ඇල්පිටිය වෙනත් පිවිසුම් මාර්ගයකට, උදාහරණයක් විදියට, ඌරගස්මංහන්දිය ලගින්ම යන ඇල්පිටිය අලුත්ගම පාර, මොනතරම් ඒ ප්‍රදේශ සංවර්ධනය වෙනවාද? ඌරගස්මංහන්දියෙන් කොස්ගොඩ බලපිටිය ඇල්පිටිය අලුත්ගම ඇතුලු ගොඩාක් පාරවල් සම්බන්ධ වෙනවා විවිධ ප්‍රදේශ වලට. වැලිපැන්නයි, කුරුදුගහ හැතැප්මයි අතර ලොකු දුරක් තියෙනවා. මිනිස්සුන්ට හරි කරදරයි ඔය දෙකටම යන්න. ඇල්පිටියට යන්න හරිම වංකගිරියක යන්න ඕනා . වැලිපැන්නට යන්න වෙන්නේ කිසිම සංවරයක් නැතිව පාරේ හරක් ඇවිදිනවා වගේ මිනිස්සු හැසිරෙන ප්‍රදේශයකින්. ජාතිවාදී දේශපාලනය නිසා මිනිස්සු ගොඩක් දුක් විදිනවා.
කිසිදු සක්‍යතා අධ්‍යනයකින් තොරව ඉදිකරන ලද ඉදිකිරීමක් අපරාදෙ මිනිසුන්ගෙ සල්ලි,