IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


වලපනේ ප්‍රාථමිකයක සිසුන් 25 රෝහලට

(ඒ.ජේ.කරඳගොල්ල සහ වලපනේ අරුණ ඩයස්)

වලපනේ බටගොල්ල ප්‍රාථමික විද්‍යාලයේ එක වසරේ සහ හතර සිසුන් 20 දෙනකු ආසාත්මිකතාවයක් හේතුවෙන්  අද පස්වරුවේදී වලපනේ , මුලහල්කැලේ ප්‍රාදේශීය රොහලට ඇතුළත් කළ බව වලපනේ පොලිසිය පවසයි .

දිවා ආහාරයෙන් පසුව සිසු සිසුවියන්ට වමනය සහ 4 වන ශ්‍රේණියේ සිසු සිසුවියන් පිරිසකට හිසෙහි කැක්කුම හේතුවෙන් රෝහල්ගත කර තිබුණි.

ආසාත්මිකතාවයට හේතුව මෙතෙක් අනාවරණයවි නොමැත. සිසුන් රෝගීවූ අවස්ථාවෙිදීම වලපනේ කලාප අධ්‍යාපන කාර්යාලයේ උසස් නීළධාරිණියක එම විද්‍යාලයට ගොස් වලපනේ ප්‍රාදේශීය සෞඛ්‍ය අධ්‍යක්ෂ කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ද කැඳවා පරීක්ෂණ පැවැත්වීමට කටයුතු කර තිබේ.

සිසුන් සඳහා ලබාදෙන ආහාර සාම්පලයක්ද වෛද්‍ය පරීක්ෂණය සඳහා යොමුකර ඇත. තවද පානීය ජල පද්ධතියද පරීක්ෂාවට ලක්කර තිබේ.

මේ සම්බන්ධව ලංකාදීපය වලපනේ කලාප අධ්‍යාපන කාර්යාලයේ උසස් නිළධාරියෙක්ගෙන් කළ විමසීමේදී දෛනිකව සිසුන්ට ලබාදෙන ආහාර විදුහල්පති ,පංතිභාර ගුරුවරුන් පරීක්ෂාකර ලබාදෙන බව ද අද ලබා දුන් ආහාර සාම්පලයක් වෛද්‍ය පරීක්ෂණ සඳහා යොමු කළ බවද පැවසීය.

 



අදහස් (0)

වලපනේ ප්‍රාථමිකයක සිසුන් 25 රෝහලට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 44 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 713 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site