(යොහාන් භාසුර සහ ඉන්දිකා රාමනායක )
වැලිගම වෙඩිතැබීමේ සිද්ධියේදී මියගිය කොළඹ අපරාධ කොට්ඨාසයට අනියුක්තව සේවය කරමින් සිටි උපුල් චමින්ද කුමාර පොලිස් සැරයන්වරයා උප පොලිස් පරීක්ෂක ධුරයට උසස් කර ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසීය.
ඒ මහතා වෙනුවෙන් රුපියල් ලක්ෂ 15ක මුදලක් පරිත්‍යාග ලෙස පිරිනමන බවත් එම පොලිස් නිලධාරියාට හිමිවිය යුතු සියලු වරප්‍රසාද පොලීසිය හරහා දීමට පියවර ගන්නා බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.
වැලිගම ප්‍රදේශයේ වැටලීමකට සහභාගි වී සිටියදී වෙනත් පොලිස් කණ්ඩායමක් කළ වෙඩි තැබීමකට ගොදුරු වූ අදාල පොලිස් සැරයන්වරයා පසුගිය 1 වැනිදා අළුයම ජීවිතක්‍ෂයට පත්විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට වෙඩි තිබ්බ එක්කෙනාට ?
ටිරාන් අලස්ගේ නීති විරෝධී පුද්ගලික කොන්ත්‍රාත් එකක් කිරීමට ගොස් නීති ගරුක පොලිස් නිලධාරීන් අතින් වෙඩිකා මියගිය බව කවුරුත් දන්නවා.
හරියට බැලුවොත් පොලිස් වාහනය පැමින ඇත්තෙ මැරකල්ලියෙ ආරක්ශාවට බව පෙනෙනව මැර පිරිස කොලම්බ පොලිස් කණ්ඩායම එන බව දැනගෙන එම වාහනයට කෙලින්ම වෙඩි තැබිම සැක සහිතය ඔවුන්ට ඔත්තුව දුන්නෙ වැලිගම පොලිසියද ?
කෝ මේ ගොල්ලන්ගෙ අන්තර් සබන්ඳතා
පින් පොලිස්පතිගේ නියෝග කරන්න ගොස් වෙඩි කා මියගියා කියලා වෙනස් කරන්න