
(ක්‍රිෂාන් ජීවක ජයරුක් සහ තරංග ගුණරත්න)
වැලිගම පැලෑණ ප්‍රදේශයේ සංචාරක හෝටලයක් ඉදිරිපිට දී සිදුවු වෙඩි තැබීමෙන් පොලිස් සැරයන්වරයකු ජීවිතක්ෂයට පත්ව උප පොලිස් පරීක්ෂකවරයකු තුවාල ලැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් වැලිගම මූලස්ථාන පොලිස් පරීක්ෂක උපුල් කුමාර මහතා අත්අඩංගුවට ගෙන අධිකරණය ඉදිරීපත් කිරීමට මාතර වැඩබලන මහේස්ත්‍රාත් හා නීතිඥ උපාලි රණසිංහ මහතා වරෙන්තු නිකුත් කළේය.
අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඒ පිළිබඳව වැඩිදුර වාර්තාවක් මගින් ඉදිරිපත් කළ කරුණු සැලකිල්ලට ගනිමින් වැඩබලන මහේස්ත්‍රාත්වරයා එම වරෙන්තුව නිකුත් කරන ලදි.
ඒ අනුව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් වරෙන්තු පිටපත ද රැගෙන සැකකාර මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා අත්අඩංගුවට ගැනීමට වැලිගම පොලීසියට හා නිල නිවසට ගොස් තිබු අතර ඒ වන විටත් ඔහු එම ස්ථානවලින් පිටව ගොස් තිබුණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුලින්ම පොලිසියේ ඉන්න අපරාධකාර නිලධාරින්ම දොට්ට දැමිය යුතුයි
වැලිගම හාදයගේ පවුලේ කවුරුවත්ම නැද්ද? ස්වයං සිද්ධව ඉපදිලා, තනියමම ජීවත්වෙන කෙනෙක් වගේ.
මේ යන විදියට පොලිසිය රාජකාරි කරන්ඩ බය වෙනවා... දෙන දෙයක් කලා වෙන දෙයක් බලාගෙන ඉන්න එක හොඳයි කියලා හිතන්න පුළුවන්
පොලිසි වල සිදුවන දේවල් ගැන හිතපුවාම සහ බලපුවාම විනය ගරුක සාමාන්‍ය ජනතාවට කාගේවත් පිළිසරණක් සහ ඔවුන්ම හරියට ආරක්ෂා කරන්න කවුරුවත් නැති බව තමයි හැඟෙන්නේ...