
(රෝෂන් තුෂාර)
රජයේ සේවකයෙකු ලෙස කටයුතු කරමින් සිටියදී තමන්ට වාසි සලසා ,රජයට රුපියල් ලක්ෂ 396 කට අධික පාඩුවක් කළේ යැයි අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ වැලිගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයා ලබන 19 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලියන් වරුසවිතාන මහතා අද (08)නියෝග කළේය.
වැලිගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති හා ප්‍රසිද්ධ දේශපාලන ක්‍රියාකාරිකයකු වූ තුඩැල්ල පාර කඹුරුගමුවේ පදිංචි දයා පුෂ්ප කුමාර බැට්ටගේ සැකකරු මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.
අල්ලස් කොමිසම සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් කියා සිටියේ දූෂණ චෝදනා හතරක් යටතේ විමර්ශන සිදූ කිරීමෙන් අනතුරුව සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන බවය.
සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදු කරන බැවින් සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසටද ඉල්ලා සිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පක්ෂය සඳහන් කරන්න අමතක වෙලා...