(ලහිරු හර්ෂණ)
වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියකු කෝවිඩ්-19 ආසාදිතයකු වශයෙන් අද(07)තහවුරු කරගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.
මෙම රැඳවියා කන්දකාඩුවේ පිහිටි මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කිරීමේ මධ්‍යස්ථානයේ සිට ජුනි 27 වන දින වැලිකඩ බන්ධනාගාරය වෙත මාරු කර එවන ලද රැඳවියකි.
මෙම රෝගියා සම්බන්ධයෙන් සහ අනෙකුත් ආශ්‍රිතයන් සම්බන්ධයෙන් පී සී ආර් පරීක්ෂණයක් හා නිරෝධායනය කටයුතු කරමින් පවතින අතර, පරීක්ෂණ සඳහා බන්ධනාගාර රැඳවියන් සහ බන්ධනාගාර නිලධාරීගේද පරීක්ෂණ පවත්වන බව ජාසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කරයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආයේ නෑ කියයිද දන්නේ නැහැ...
තව පැය කිහිපයකට පස්සේ කියයි කොරෝනා නැහැයි කියලා...
බන්ධනාගාර නිලධාරීන් පහත් වැඩක් කරලා තියෙන්නේ. කන්දකාඩුවේ කොරෝනා කුඩ්ඩන් ඉන්න බව දැන දැන මෙහෙ ගෙනාවේ මොකද? විහින් බෙල්ල කපාගැනීමක්...!!!