
(බී.ජී.චතුරංග)
ඇලයාපත්තුව පොලිස් වසමේ මනින්ගමුව ප්‍රදේශයේ නිවසකට වල් අලියකු පහර දීම හේතුවෙන් එම නිවසේ නිදා සිටි පාසල් දැරියන් දෙදෙනකු මතට නිවස බිත්තියක් කඩාවැටී තුවාල ලැබූ එම සිසුවියන් දෙදෙනා ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.
මෙලෙස තුවාල ලබා ඇත්තේ කුඩා හල්මිල්ලවැව, ඇලයාපත්තුව, මානින්ගමුව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 9 සහ 12ක් වන දැරියන් දෙදෙනෙකි.
මෙම දැරියන් දෙදෙනා පාඩම් කටයුතුවල නිරතවී රාත්‍රී නින්දට ගිය අවස්ථාවේදී වල් අලි රංචුව සිටි එක් අලියකු නිවසට පහර දෙන ශබ්දය ඇසුණු බවත්, ඒත් සමගම නිවසේ බිත්තියක් දරුවන්ගේ ඇඟ මතට කඩා වැටී දරුවන් කෑ ගැසූ බව පියා පවසයි .
පියාගේ කෑ ගැසීමත් සමග එම ස්ථානයෙන් ඉවත්ව ගිය වල් අලියා නැවතත් පැමිණ එම නිවසේ වී ගබඩා කර තිබූ කාමරයේ තිබූ වී තොගයක් ආහාරයට ගෙන ඇති බව ප්‍රදේශවාසීහු පවසති.
මෙම වල් අලි රංචුව මීට දින කිහිපයකට පෙරද ඒ ආසන්නයේ වෙනත් නිවසකට පහරදී බර පතල හානි සිදු කර තිබූ බවත්, මේ වන වනවිට හල්මිල්ලකුලම සහ ඒ අවට ගම්මාන, වන අලි 50ක පමණ රංචුවකගේ ග්‍රහණයට නතු වී ඇති බව ප්‍රදේශවාසීහු පවසති.

2025 දෙසැම්බර් මස 18
509
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
263
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1057
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වල්අලි කැඩූ බිත්තිය දරුවන් දෙදෙනාගේ ඇඟමතට වැටේ