
(ඉන්දිකා රාමනායක)
කුරුණෑගල පොල්ගහවෙල ප්‍රධාන මාර්ගයේ පුහුරිය හංදියේ දී වැලි පැටවු ටිපර් රථයක ගැටීමෙන් පොලිස් කොස්තාපල්වරයකු මියගොස් ඇති බව පොල්ගහවෙල පොලිසිය පවසයි.
සිද්ධියෙන් මියගෝස් ඇත්තේ පොල්ගහවෙල පොලිසියට අනුයුක්තව රාජකාරිකරමින් සිටි (45) හැවිරිදි පොලිස් කොස්තාපල්වරයකු බව පොලිස් මුලස්ථානය පවසයි.
මෙම කොස්තාපල්වරයා ඊයේ රාත්‍රියේ ජංගම සංචාරයේ යෙදී සිටින අතර තුර මාර්ගයේ වාහන හා පුද්ගලයන් පරික්ෂා කරමින් සිටියදි කන්තලේ සිට කඩුවෙල දක්වා වැලි ප්‍රවාහන කරමින් තිබු ටිපර් රථය මාර්ග අයිනේ සිට කොස්තාපල්වරයාගේ ඇගේ ගැටීමෙන් ඔහු ඉවතට විසිවී බරපතල තුවාල ලබා ඇත.
සිද්ධියෙන් බරපතල තුවාල ලැබු කොස්තාපල්වරයා පොල්ගහවෙල රෝහලට ඇතුළත් කර පසුව කුරුණෑගල රෝහලට මාරු කර සිටියදි මියගොස් ඇත.
සැකකාර ටිපර් රථය රියදුරු අත්අඩංගුවට ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දුම්රියෙන් වැලි ප්‍රවාහනය කරන්න පුලුවන් නං අනතුරැ අඩු වෙනව. වැලි පොම්ප කරන්න පුලුවන්. පටවන්න බාන්න මිනිස් ශ්‍රමය අවශ්‍ය වෙන්නෙ නෑ.
අවිනීත ටිපර්, බස් හා බවුසර් රියදුරන් වසරකට වටිනා ජිවිත කියක් විනාශ කරනවද? පොලිසියම තමයි මෙයාලව මට්ටු කරන්න ඕනෙත් . එහෙම නැතිනම් මහජනතාව නිතිය අතට අරගෙන මුන්ගේ අතපය ගලවන් දවස වදී ඈතක නොවෙන්න පුළුවනි. මුන්ගෙන් බහුතරයක් අඩුම තරමින් ගංජා වත් ගහල තමයි රිය පදවන්නේ .
ලොරි රියදුරාගෙන් ගාණක් කපාගන්න ලොරිය නවත්වන්න පාරට පනින්න ඇති...!
කොහොමත් ටිපර් රථයක් ඇස් මායිමේ එනවා... පෙනුණත් මම නම් ශුවර් නැති නිසා පාරෙ ඈතකට වෙලා ඉන්න...