(ඉන්දිකා රාමනායක )
වැටලීමකදී අත්අඩංගුවට ගත් වල්ඌරු මස් තොගයකින් කොටසක් අධිකරණයට ඉදිරිපත් කර , ඉතිරි කොටස අස්ථානගත කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අකුරැස්ස පොලිසියේ දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපතිවරයා වු උප පොලිස් පරීක්ෂකවරයකුගේ වැඩ තහනම් කර ඇති බව පොලිසිය පවසයි.
අකුරැස්ස පරදූව වතුයායේ පිරිසක් විදුලිය යොදා වල් ඌරෙකු මරා ඇති බවට දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපතිවරයාට ලද තොරතුරකට අනුව ඔහු ඇතුළු පොලිස් කණ්ඩායමක් එම ස්ථානයට ගොස් මස්කර සිටි වල් ඌරා ගේ මස් පොලිස් භාරයට ගෙන තිබූ බව පොලිසිය කියයි.
පොලිස් භාරයට ගත් වල්ඌරු මස් තොගයේ සුළු ප්‍රමාණයක් ස්ථානාධිපතිවරයා අධිකරණයට ඉදිරිපත් කර, ප්‍රමාණය ස්ථානගත කර ඇති බව පොලිසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වල් ඌරන්, ඉත්තෑවන්, දඬුලේනුන් පරෙස්සමට තියාගෙන වගාව වනසලා ඔක්කෝම දේවල් ආනයනය කරන්න වෙන්න ඕනෑ මේ විකාරය.. ඒ සත්තු සියලු වගා වනසනවා. මේ තත්ත්වය වෙනස්විය යුතුමයි.... අර ගව ඝාතනය තහනම වගේ තමා...
මෙම ප්‍රවෘර්තියේ මට හිනා එන හොඳම කෑල්ල තමයි දූෂණ මර්ධන අංශයේ ප්‍රධානියා දුශිතයෙකු වීම .හරියට නරියට කුකුලෙකුව භාර දුන්නා වගේ වැඩක්