
(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් තනතුර පත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් වශයෙන් සේවය කරමින් සිටි රියර් අද්මිරාල් පී.විතාන මහතා වයස අවුරුදු 55 සම්පූර්ණ වීම මත 2024-09-13 දින විශ්‍රාම ලබා ඇත.
ඒ අනුව පුරප්පාඩු වී ඇති එකී තනතුරට දැනට වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ලෙස සේවය කරනු ලබන රියර් අද්මිරාල් වයි. ආර්. සේරසිංහ මහතා පත් කිරීම පිණිස ආරක්ෂක අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd