(අංජුල මහික වීරරත්න)
වාර්ෂික බදු නිදහස් කිරීමේ සීමාව වන රුපියල් ලක්ෂ 12ට වඩා වැඩි ආදායමක් ලබන වයස අවුරුදු 18ට වැඩි පුද්ගලයින් බදු ගෙවීම සඳහා වගකීමෙන් බැඳෙන බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.
කෙසේ නමුත්, පෙබරවාරි මස 01 වැනිදා සිට ජංගම ගිණුමක් විවෘත කිරීමේදී, ගොඩනැගිලි සැලසුම් සඳහා අනුමැතිය ඉල්ලා සිටින විටදී, රථ වාහනයක් ලියාපදිංචි කිරීමේදී, බලපත්‍රයක් අලුත් කිරීමේදී සහ ඉඩමේ අයිතිය ලියාපදිංචි කිරීමේදී බදු හඳුනාගැනීමේ අංකය ඉදිරිපත් කිරීම අනිවාර්ය වන බව මුදල් අමාත්‍යාංශය කියයි.
බදු හඳුනාගැනීමේ අංකයක් (TIN number) ලබා ගත් පමණින් යමෙකුට බදු ගෙවීම සඳහා බැඳියාවක් ඇති නොවන බවද මුදල් අමාත්‍යාංශය නිවේදනය කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගෙවල් කුළියයි , ළමයින්ගේ වියදමයි , ආහාර පාන සහ වෛද්‍ය බිල් වලටයි මාසෙකට ලක්ෂය මදි .ඉතින් කොහොමද තව බදු ගෙවන්නේ.ාම් සීමාව රු.150,000වත් විය යුතුයි නේද ?
මට ජීවත් වීමට රටක් අවශ්‍යයි. එයට දෙමව්පියන්ට හා දරුවන්ට මෙන් ආදරය කල යුතුයි. එනම් බිහිකල දෙමාපියන් යනු රටේ පූර්ව ප්‍රථිපත්ති ලෙස සැලකීමටත් , දරුවන් යනු වත්මන් රාජ්‍ය ප්‍රතිපත්තිද ලෙස සැලකීමටත් සිදුවේ. මන්ද යත් මේ දෙකම බිහිකලේ අපි වන නිසාවෙනි. අපි දෙමාපියන්ගේ වැරදි සෙවීමෙන් හෝ දරුවන් දෙමාපියන්ගේ ආභාෂය ගනු ඇතැයි සීතීමෙන් මෙම ප්‍රශ්ණයට විසඳුම් නොලැබේ. අපේ පවුල රැක ගැනීමට නම් අපි කැප කල යුතුයි. අපි යනු ජනපතිගේ සිට හෙට උපදින්නා දක්වා. මේ සඳහා භාවිතා කරන සැලසුම පවුලට විශ්වාසය ඇතිකල යුතුයි. එය දකින්න ආසයි. සහය වන්න කැමතියි. පලමුව අදහස් ගන්න සැලසුම හදන්න.
අපි එකපාරක් ඉන්න රටක් ඕනෑ කියලා එකෙක් ගෙනාවා. ඒ මනුස්සයා තව අපතයෙක් ගෙනාවා. තවමත් අං තට්ටුව බිම තියන්න බැරි කාලකණ්ණි දැන් හිතන්න ඕනෑ... මැරෙන්න හරි රටක් තියෙන්න ඕනෑනේ කියලා...
දැන් ඉතින් බදු මානසිකත්වයෙන් පෙලෙන රනිල් රාපක්ෂලගේ ආණ්ඩුවට බදු ගෙවන්න කියනවා. හැබැයි ඡන්දේ ඉල්ලුවේ මව්බිම බේරාගත් වීරයාට සලකන්න කියලා. පළමුවත් දෙවනුවත් තෙවනුවත් මව්බිම කියලා පපුවේ අතගහගෙන ජනතාවට බොරු දෙසා බෑවේ... කන්න නැතත් ඉන්න රටක් තියෙනවානේ. කියලත් කිව්වා...!
මට නම් මතක 69 ලක්ෂයක් ඡන්දෙ දුන්නේ කන්න නැතත් කමක් නෑ.. ඉන්න රටකුයි ඕනෑ කියලා. දැන් හැබැයි ගොඩක් ලංකාවෙන් යන්නේ ඒ 69 ලක්ෂයේ කට්ටිය තමයි.