(රවින්ද්‍ර ප්‍රභාත් නෙත්තසිංහ)

වාරියපොල මිණුවන්ගැටේ වල්පාළුව ප්‍රදේශයේ දිය පිරුණු වළක තිබී අද (12) දහවල් තරණයන් දෙදෙනකු ගේ මළසිරුරු හමුවී ඇතැයි වාරියපොල පොලිසිය කියයි.

මියගොස් ඇති දෙදෙනා වයස අවුරුදු 30 - 40 ත් වයසේ පසුවන අතර ඔවුන් එම ප්‍රදේශයේම පදිංචිකරුවන් බව පොලිසිය කියයි.

පසුගිය කාලයේ ප්‍රදේශයේ සොරකම් කීපයක් සිදුවූ බවත් ඔවුන් එම සොරකම්වලට සම්බන්ධ බවට ප්‍රදේශවාසීහු පවසති.