IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


වරායේ ලාබාලම අධ්‍යක්‍ෂ වැඩ අරඹයි

(යොහාන් භාසුර)

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නව කළමනාකාර අධ්‍යක්‍ෂවරයා ලෙස ප්‍රභාත් ජේ.  මලවිගේ මහතා අද (29) වැඩභාරගත්තේය.

වරාය අධිකාරියේ ජ්‍යෙෂ්ඨතම සහ කීර්තිමත් නිලධාරියෙක් වන මලවිගේ මහතා වරාය අධිකාරියේ ලාබාලතම කළමනාකාර අධ්‍යක්‍ෂවරයා ලෙස ද ඉතිහාසයට එකතු විය.

මෙම තනතුරට පත්වීමට පෙර වරාය අධිකාරියේ අතිරේක කළමනාකාර අධ්‍යක්‍ෂවරයා ලෙස කටයුතු කළ ඒ මහතා වසර 18 කට අධික කාලයක් කළමනාකරණ ක්ෂේත්‍ර පළපුරුදු නිලධාරියෙකි.

සුවිශේෂි අධ්‍යාපන ජයග්‍රහණ රැසක් ලබා ඇති මලවිගේ මහතා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දේපළ කළමනාකරණය සහ තක්සේරුව පිළිබඳ විද්‍යාවේදී උපාධිධාරියෙකි.

ඔහු පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් භූගෝලීය තොරතුරු පද්ධති සහ දුරස්ථ සංවේදනය පිළිබඳ විද්‍යාපති උපාධිය සම්පූර්ණ කළ අතර ඒ මහතා මොරටුව විශ්වවිද්‍යාලයෙන් ව්‍යාපෘති කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාව ද සම්පූර්ණ කළ නිලධාරියෙකි.

ඒ මහතා වරාය වෙළෙඳ නාවික ක්ෂේත්‍රය හා සේවා සැපයුම් මෙහෙයුම් සම්බන්ධයෙන් ද වන ජාත්‍යන්තර මට්ටමේ පුහුණු වැඩසටහන් සහ සම්මන්ත්‍රණ සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අවස්ථා රැසකදී සහභාගි වී තිබේ.

ඔහු සුදුසුකම් ලත් වෘත්තීමය කථිකාචාර්යවරයෙක්, පුහුණුකරුවෙක් වන අතර දුරස්ථ සංවේදනය හා පරිශ්‍ර කළමණාකරනය පිළිබඳ වෘත්තිකයෙකි.



අදහස් (6)

වරායේ ලාබාලම අධ්‍යක්‍ෂ වැඩ අරඹයි

සමන් Monday, 29 May 2023 03:39 PM

පට්ටන්දර නම් ගොඩයි. වැඩ කොහොමද දන්නැහැ...

:       3       13

දාස Monday, 29 May 2023 05:01 PM

වැඩද? ඉස්සෙල්ලම බලයි සාක්කුවට ගානක් වැටෙන වැඩක් හදාගන්නේ කොහොමද කියලා..., පත්කළ ඇමැතිය, තමුන් ඔතෙන්ට මාට්ටු කළෙත් ඒ වැඩේටම හින්දා..

:       6       10

ගමේ එකාලා Monday, 29 May 2023 05:10 PM

ලාබාලම කියන්නේ වයස කීයක් විතර වෙයිද?

:       2       12

prasanna Monday, 29 May 2023 07:12 PM

හොඳ ගාණක් හම්බකරගෙන යාවි... හි හි හි...

:       5       3

Samitha S. Aluthgamage Tuesday, 30 May 2023 07:41 AM

මේ වැනි ඉහළ සුදුසුකම් ඇති ඔබතුමාට අපගේ සුබ පැතුම් ... ඒත්, වරාය අධිකාරිය කියා කියන්නේ හොරකම් හා දූෂිත වැඩවලින් පිරි ස්ථානයක්.මෙම ආයතනය පිරිසිඳු කොට සැබෑ ජනතා මෙහෙවරක් සඳහා යොමුකිරීමට ඔබතුමාට අවස්ථාව උදාවේවා .. ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලත් කෙනෙකු මෙවන් තනතුරක් හෙබවීම එහි ආදී හා වර්තමාන විද්‍යාර්ථීන් හටද අභිමානයක්.

:       0       2

dayananda Wednesday, 31 May 2023 10:11 AM

ඔතනට මොන සුදුසුකම් තිබුනත් අපේ ගෝත්‍රික රටේ වැඩක්නැහැ.. නුගත් ඇමති දෙන නියෝග ක්‍රියාත්මක කිරීම හැර තමුන්ගේ ස්වාදීන මතයක් හෝ යහපත් ප්‍රයෝජනවත් දෙයක් රටට වැඩදායී දෙයක් කරන්න ඉඩක් නැහැ.. ඔය සුදුසුකම් කැලේට හඳ පායලා වගේ තමයි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 544 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 274 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1070 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site