(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ )
කොළඹ වරාය නගරයේ තීරු බදු රහිත සිල්ලර වෙළෙඳාම හෝ තීරු බදු රහිත සාප්පු සංකීර්ණ මෙහෙයුම් සිදුකරගෙන යෑම සඳහා සපුරාලිය යුතු අවශ්‍යතා ඇතුළත් ගැසට් නිවේදනය නිකුත් කරනු ලැබ ඇත.
අයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම ගැසට් නිවේදනය නිකුත් කරනු ලැබීය.
ඒ අනුව තීරු බදු රහිත සිල්ලර වෙළෙඳ ව්‍යාපාරයක් පවත්වාගෙන යාම සඳහා අයෝජකයෙකු විසින් අවම වශයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 05ක ආයෝජනයක් කරනු ලැබිය යුතු වේ.
එම අයෝජකයාට තීරු බදු රහිත වෙළෙඳ මෙහෙයුම් සම්බන්ධයෙන් ගෝලීය වශයෙන් පළපුරුද්දක්ද තිබිය යුතු බව එහි සඳහනවෙයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බදු ආදායමක් නැති නිසා මේකෙන් දීර්ග කාලීනව බැලුවොත් රජයට විශාල පාඩුවක්..., හැබැයි මූලික ආයෝජනය මිලියන ගාණක් නිසා පින්පති තුමාට එයාගේ පාලන කාලේ මාස ගණනක් ඇදගෙන යන්න ඩොලර් ටිකක් ලැබෙනවා...
වරාය නගරය ඉදි කරනවාට විරුද්ධව... අනුර කුමාර සහ ජෙප්පෝ විශාල ප්‍රචාරයක් ගෙනගියා නේද? රටේ කළුගල් ඉවරයි කියලාත් අනුරයා කිව්වා මතකයි. ජෙප්පෝ දැන් මොකද කියන්නේ...?