IMG-LOGO

2025 ජුලි මස 08 වන අඟහරුවාදා


වරාය නගරයේ විශේෂ ආර්ථික කලාපයට ව්‍යාපෘති සමාගමේ ප්‍රසාදය

(චමින්ද මුණසිංහ)

කොළඹ වරාය නගරයේ විශේෂ ආර්ථික කලාපයක් පිහිටුවීම සඳහා වූ යෝජනාවට හා ඒ සදහා වූ නීති කෙටුම්පතට කැබිනට් අනුමැතිය හිමි වීම පිළිබඳව කොළඹ වරාය නගරයේ ආයෝජක සමාගම වන සී.එච්.ඊ.සී පෝට් සිටි කලම්බු (පුද්.) සමාගම සිය ප්‍රසාදය පළකර සිටියි.

මෙය ශ්‍රී ලංකාවට වැඩි සෘජු විදේශ ආයෝජන රැගෙන එන පියවරක් වනු ඇති බවට විශ්වාසය පළකරන එම සමාගම, මෙම විශේෂ ආර්ථික කලාපය, විශේෂයෙන් යටිතල පහසුකම් ඉලක්ක කරගත් ජාත්‍යන්තර ව්‍යාපාර හා සේවා කේන්ද්‍රයක් වනු ඇති බවට අපේක්ෂා කරයි.

‘කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් පනත් කෙටුම්පත‘ මගින් වරාය නගරය තුළ බලපාන මූලික නීතිමය රාමුව සකස් වනු ඇති අතර, එම පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීම පිණිස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවී ඇත. කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් පනත් කෙටුම්පත මගින් විදේශ ආයෝජන ආකර්ෂණය කරගැනීම සඳහා හිතකර හා තරගකාරී පසුබිමක් සකස් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

සාගරය ගොඩකිරීම ඔස්සේ ඉදිකරන ලද හෙක්ටයාර 269 ක් වූ වරාය නගර භූමියේ ලොව දියුණු රටවලට සමාන පහසුකම් ස්ථාපිත කිරීමට සැලසුම් කර තිබේ. මෙය කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් පනත් කෙටුම්පත මගින් මගින් ඇතිකිරීමට අපේක්ෂා කරන, ව්‍යාපාර වලට හිතකර පරිසර නිර්මාණය කිරීමට පැහැදිලිවම උපකාරී වන සාධකයක් වනු ඇත. එමගින් මූල්‍ය හා මානව ප්‍රාග්ධනය ගලා ඒම, දේශීය හා විදේශීය ව්‍යවසායකයන්ට වඩාත් හොඳින් තම ව්‍යාපාර කටයුතු සිදුකළ හැකි වීම, රැකියා අවස්ථා නිර්මාණය වීම සහ දක්ෂයන් රඳවා ගැනීමට හැකිවීම යනාදී ප්‍රතිලාභ රාශියක් හිමිවනු නිසැක ය. එමෙන්ම ජාත්‍යන්තර සමාගම් තම ප්‍රධාන කාර්යාල හෝ කලාපීය කාර්යාල වරාය නගරය තුළ ස්ථාපිත කරනු ඇතැයි අපේක්ෂා කරයි.

මෙම විශේෂ ආර්ථික කලාපය ස්ථාපිත කිරීම ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනයට හේතුවක් වනු ඇතැයි වරාය නගර ව්‍යාපෘතිය විශ්වාස කරයි. ප්‍රධාන සැලසුමට අනුව වරාය නගරයේ ඉදිකිරීම් සඳහා වර්ග මීටර් මිලියන 5.7 ක ඉඩක් වෙන්වන අතර, එහි වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 15 කි.

 



අදහස් (1)

වරාය නගරයේ විශේෂ ආර්ථික කලාපයට ව්‍යාපෘති සමාගමේ ප්‍රසාදය

deeptha wijesinghe - uk Thursday, 01 April 2021 11:18 AM

ලෝකයේ දියුණු රටවල අලුත්ම ප්‍රවණතාවක් ඇතිවෙලා " චීනය " සම්බන්ධ කිසිම ව්‍යාපෘතියකට ආයෝජනය නොකිරීමට. අපී මෝඩ " වාහෙලා " මේවා ගැන දැනගන්න ඉස්කෝලේ ගිහින් ඉන්න එපැයි. මම දන්නා විදිහට ඔය නගරයට දියුණු රටවල් කවුරුත් ආයෝජන අරගෙන එන්නේ නැහැ.

:       2       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 127 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 584 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1015 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site