
(අංජුල මහික වීරරත්න)
කොළඹ වරාය නගර පරිශ්‍රයේ අලුතින් ඉදිකරන ලද "The Mall” තීරු බදු රහිත සාප්පු සංකීර්ණය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් විවෘත කෙරිණ.
මෙම කලාපයේ ඉදිකරන ලද ප්‍රථම නාගරික තීරුබදු සාප්පු සංකීර්ණය මෙය වන අතර භාණ්ඩ අලෙවිසැල්, ආපන ශාලා සහ අනෙකුත් වෙළෙඳසැල් වලින් එය සමන්විත වේ.
මේ සාප්පු සංකීර්ණයෙහි One World, China Duty Free Group (CDFG) සහ Flemingo යන ලොව ප්‍රකට තීරුබදු රහිත වෙළෙඳ සැල් සිය මෙහෙයුම් කටයුතු ඇරඹීමට නියමිත අතර ඒ සමඟ කොළඹ වරාය නගරය මෙම කලාපයේ සාප්පු සවාරි ගමනාන්තයක් ලෙස පිළිගැනීමට ලක්වනු ඇත.
සමරු ඵලකය නිරාවරණය කර, සාප්පු සංකීර්ණය විවෘත කළ ජනාධිපතිවරයා අනතුරුව එහි නිරීක්ෂණ චාරිකාවක ද නිරත විය.
අනතුරුව පැවති උත්සව සභාව අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කර සිටියේ, මීට වසර දෙකකට පෙර වරාය නගරය මේ අයුරින් දියුණු කිරීමට හැකි වනු ඇතැයි කිසිවෙකු අපේක්ෂා නොකළ බවත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ඇතිව තම රජය විසින් රට තුළ ආර්ථික ස්ථාවරභාවයක් ඇති කළ බැවින් අද වන විට වරාය නගරයේ මූල්‍ය කටයුතු ආරම්භ කිරීමට හැකි වූ බවත්ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඡන්දයට බලපෑමක් නේද?
විවෘර්ත කරන එකක් 21 ට කලින් කර ගන්න. 21 වැනිදාට පස්සේ, ඊළඟට පත්වන ජනාධිපති විවුර්ත කරන ඒවා නැහැ . එයා බොහොම සරල එක්කෙනෙක් සහ , බොරුවට පුම්බන ජනාධිපති කෙනෙක් නෙවෙයි .
ඒ ජනාධිපති මාස 3 න් වගේ මිනිස්සු ගහලා එලවන කෙනෙක් නොවිය යුතුය
මහින්ද ගෙනපුවා පිනා එයා කරපු දෙයක් වගේ විවෘර්ත කරනවා .එකෙන්ම තේරෙනවා මෙයාගෙ තුන්පනේ ගති ලක්ශන
විවෘත කරන එකක් 21ට කලින් කරගන්න. 21න් පස්සේ යන්න තියෙන්නේ ගෙදර
රනිල් හොයාගෙන යන්නේ... නැද්ද මහජන වැසිකිළියක්වත් නැවත 21ට කළින් රනිල්ට කියලා විවෘත කරවා ගන්න.