IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


වරාය නගරය ගැන කැබිනට් තීරණයක්

(අංජුල මහික වීරරත්න)

Codegen innovations(private)limited ක්‍රමෝපාය වැදගත්කමක් ඇති ද්විතීය ව්‍යාපාරයක් ලෙස නම් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

මෘදුකාංග, දත්ත විද්‍යාව, නිර්මාණකරණය සහ දෘඩාග යන අංශ වලින් තාක්ෂණික විසඳුම් ලබාදීමේ විශේෂඥතාවයක් දක්වන codeGen සමූහයේ අංශයක් වශයෙන් Codegen innovations(private)limited ශ්‍රී ලංකාවේ ලියාපදිංචි කරනු ලැබ ඇති සමාගමක් බව රජය කියයි.

එම සමාගම කොළඹ වරාය නගරයේ ආර්ථික කොමිෂන් සභාව විසින් බලයලත් තැනැත්තකු වශයෙන් අනුමත කර ඇති අතර ක්‍රමෝපාය වැදගත්කමක් ඇති ද්විතීයික  ව්‍යාපාරයක් ලෙස නම් කිරීම සඳහා එකී සමාගම විසින් ඉල්ලුම් කර තිබේ.

එම සමාගම ඇමරිකා ඩොලර් 500000ක  මූලික ආයෝජනයක් සිදු කරමින් වසර පහක් වන විට ආසන්න වශයෙන් ඇමරිකා ඩොලර් මිලියන 15ක් උපයා ගැනීමටත් එම කාලය ඇතුළත ආසන්න වශයෙන් රැකියා අවස්ථා 400 ක් නිර්මාණය කිරීමටත් සැලසුම් කර තිබෙන බව රජය කියයි.

එබැවින් 2023 අංක 2 දරණ කොළඹ වරාය නගරය ( ක්‍රමෝපය වැදගත්කමක් ඇති ව්‍යාපාර සඳහා නිදහස් කිරීම හෝ දිරිගැන්වීම් ප්‍රදානය කිරීම පිළිබඳ මාර්ගෝපදේශ) නියෝග වල විධිවිධාන පරිදි එම සමාගම නිදහස් කිරීම් හෝ දිරිගැන්වීම් ප්‍රදානය කිරීම සඳහා පහසුකම් සපුරා තිබෙන බවද රජය කියයි.

ඒ අනුව කොළඹ වරාය නගරයේ ආර්ථික කොමිෂන් සභාව පනතේ විධිවිධාන යටතේ Codegen innovations(private)limited වෙත නිදහස් කිරීම හෝ දිරිගැන්වීම් ප්‍රදානය කිරීමටත් ඒ සඳහා වන නියමයන් ගැසට් පත්‍රයේ පළ කිරීමටත් ආයෝජන ප්‍රවර්ධන  අමාත්‍ය ලෙස ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.



අදහස් (0)

වරාය නගරය ගැන කැබිනට් තීරණයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 360 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 215 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site